අ.පො.ස.උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) දින ආරම්භ කළ බවත් ඒ අනුව විෂයන් කිහිපයකට අදාළව පාලක පිළිතුරු පත්‍ර සලකුණු පටිපාටිය සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු වෙමින් පවතින බවත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
ක්‍රිස්තියානි ධර්මය , හින්දු ධර්මය , හින්දු ශිෂ්ටාචාරය , පෙරදිග සංගීතය , භරත නැටුම් , කර්නාටක සංගීතය , බටහිර සංගීතය , චිත්‍ර , නාට්‍ය හා රංග කලාව , හින්දි යන විෂයන්ට අදාළව මෙම මූලික කටයුතු ආරම්භ වී ඇති බවත් , මඩකලපුව , ගම්පහ , යාපනය , කොළඹ , කුරුණෑගල යන ප්‍රදේශවල පවතින මධ්‍යස්ථානවලදී එම කටයුතු සිදු කරන බවත් විභාග කොනසාරිස් ජනරල්වරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය ඇතුළු අනෙකුත් විෂයන්ට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සදහා මේ වන විට අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරන ලදී.