දෙල්කඳ ප්‍රදේශයේ ඉඩමක සුඛෝපභෝගී නිවාස 70කින් සමන්විත මහල් නිවාස ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මෙම ඉදිකිරීම් කටයුතු ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ඕෂන් විව් ඩිවලොප්මන්ට් සමාගමට අයත් පර්චස් 100කින් යුත් ඉඩමක සිදුකිරීමට නියමිතව ඇත.
රජය පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘතිය රජයට වැය බරක් නොවන පරිදි ආයෝජකයින් හා සම්බන්ධ වී පෙර විකිණුම් ක්‍රමවේදය යටතේ සිදුකරන බවයි.













































