සොරකම් සිදු කළ ස්ථානවල තිබූ CCTV දර්ශන උපයෝගී කර ගනිමින් බස්නාහිර බුද්ධි නිලධාරීන් ලබාදුන් තොරතුරු වලට අනුව එගොඩ උයන පොලීසිය විසින් නිවාස ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක දේපළ සොරකම් කළ සැකකරුවෙකු කොරළවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකරු විසින් සොරකම් කරන ලද මෝටර් රථ අමතර කොටස් , ගෘහ විදුලි උපකරණ රැසක් සොයා ගැනීමට හැකි වූ බව සදහන් කරයි.
මෙම සැකකරු 21 හැවිරිදි අයෙක් වන අතර මොහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය වල ඇබ්බැහි වූ අයෙක් බව වාර්තා වේ.














































