සබරගමුව මහා සමන් දේවාලයේ තිබු පඬුරු අතුරුදහන් වීම පිලිබදව අප පසු ගියදා වාර්තා කරන ලදී. එහි නීතිමය තත්වයද අප පැහැදිලි කරන ලද අතර කවුරු පඬුරු හොරකම් කලත් නීතිමය වශයෙන් වග අකිව යුත්තේ බස්නායක නිලමේ වන මිගාර ජයසුන්දරය. එසේම පසු ගියදා ඔහුට විරුද්ධව මහජන උද්ඝෝෂණයක්ද පැවැත්විණි. එහිදී බස්නායක නිලමේ වන මිගාර ජයසුන්දර මහතාට එරෙහිව දැඩි ජනතා විරෝධයක් එල්ල වූ අතර මහා සමන් දේවාලයේ තවත් විනාශකාරී කරුණු ඔවුන් විසින් ඉදිරිපත් කරන ලදී.
මෙම සිදුවීම පිලිබදව කරුණු සෙවීම සදහා එහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙන බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ එම පරීක්ෂණ සිදුකිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.
නීතියට අනුව ඔහුට ලග තබාගත හැක්කේ රුපියල් 500 කි. ඒ අනුව මෙම හොරකමට ඔහුව සෘජුවම වගකිව යුතුය. එසේම මෙහිදී හෙළිවන අනෙක් කරුණ නම් දැඩි පොලිස් ආරක්ෂාවක් සහ දේවාලයේ මුරකරුවන්ද සිටියදී මෙම හොරකම සිදු වුයේ කෙසේද යන්නය. එසේම මෙම මුදල් තිබු කාමරයේ CCTV අක්‍රිය වී තිබෙන බවද මූලික ව්මර්ශ්න වලදී අනාවරණය වී තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ මෙම සිදුවීම පිලිබදව බස්නායක නිලමේ වන මිගාර ජයසුන්දර වග කිව යුතු බවය. එසේම ප්‍රදේශයේ ජනතාව ඔහුට සෘජුවම චෝදනා කරන්නේ මෙම හොරකම ඔහු විසින්ම සිදුකල බවටය.
නීතියට අනුව සියල්ලම සදහා සාක්ෂි තිබිය යුතුය. නමුත් සියල්ලට ඉහලින් තම හෘද සාක්ෂිය තිබේ. එබැවින් එම මානසික තීන්දුවෙන් කිසිවෙකුත් ගල වී යාමට ඉඩක් නැත. එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛම්වරුන් චන්දය දී පත්කරගන්නේ හොරුන් නම්, ඔවුන් චන්දය දීම සදහා අල්ලස් ලබා ගත්තේ නම් දෙවියන්ගේ සාපය ඔවුන්ටද ස්ථීර වශයෙන්ම ලැබෙනු ඇත.