English
සිංහල
23:16 බදාදා, අගෝස්තු 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමේ උත්සාහයන්ට ශ්‍රී ලංකාව පූර්ණ සහාය දක්වනවා – දකුණු ආසියානු හයිඩ්‍රොමෙට් සංසදය අමතමින් ජනපති කියයි

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමට කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් ගනු ලබන සහයෝගිතා ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත්, ආසියානු කලාපයේ මෙන්ම අප්‍රිකානු කලාපයේද දේශගුණික අභියෝගවලට මුහුණ දීමට එමඟින් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම පසුගියදා ඩුබායිහිදී පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී (COP 28) ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ‘නිවර්තන කලාපීය මුලපිරීම’ යෝජනාවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ ගාලුමුවදොර හෝටලයේදී ඊයේ (6) පැවති 2024 දකුණු ආසියානු හයිඩ්‍රොමෙට් සංසදයේ (South Asia Hydromet forum 2024) සමාරම්භක අවස්ථාව අමතමිනි.

    ලෝක බැංකුව සහ RIMES අතර සහයෝගිතාවක් වන හයිඩ්‍රොමෙට් සංසදය කලාපීය සහයෝගිතාව සහ ධාරිතාව වැඩි දියුණු කිරීම හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘කලාපීය සහයෝගිතා විවර කිරීම’ යන තේමාව යටතේ ඊයේ ඇරඹුණු අතර එය හෙට (8) දක්වා කොළඹදී පැවැත්වේ.

    ආසියානු කලාපය කාබන් අවශෝෂක ප්‍රදේශයක් බවට පත් කිරීම මඟින් තිරසර සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශය දිරිමත් කරනු ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ සඳහා කලාපය පුරා පවතින අවස්ථා ගවේෂණය කිරීමට ඉන්දීය සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) ක්‍රියාකාරිත්වයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකාව සහ අදාළ රටවල් නිවර්තන කලාපයේ දේශගුණික විපර්යාස සම්බන්ධ මුලපිරීම පිළිබඳ වාර්තා කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පිහිටුවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෑතකදී මුහුණ දුන් අභියෝග මධ්‍යයේ වුවද කාලගුණ විද්‍යා සංවිධාන වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. විශේෂයෙන් දකුණු ආසියාව, කාලගුණික විපර්යාසයන්හි අහිතකර බලපෑම්වලට දැඩිව මුහුණ දෙන බැවින් දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝගයන්ට විසඳුම් සෙවීමට කලාපීය සහයෝගිතාවේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    දේශගුණික විපර්යාස හේතුවෙන් අඩු ආදායම්ලාභි රටවල දළ දේශීය නිෂ්පාදිතය 2% දක්වා අඩු විය හැකි බැවින් ඒ ආර්ථික ප්‍රතිවිපාක කෙරෙහි අවධානය යොමු කරමින්, ඒ සඳහා පියවර ගැනීමේ හදිසි අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    අනපේක්ෂිත වර්ෂාපතනය පිළිබඳ ශ්‍රී ලංකාවේ මෑත කාලීන අත්දැකීම් විස්තර කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ හිමාලයේ අයිස් කඳු දිය වීමේ අවදානම ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ සියලු රටවලට බලපෑම් ඇති කරන බවයි.

    ඉතිරිව පවතින අභියෝගවලට මුහුණ දීම සඳහා ‘පාඩු හා හානි අරමුදල’ (The Loss and Damage Fund) පිහිටුවීම වැනි විභව අරමුදල් යන්ත්‍රණයන් මෙන්ම අරමුදල් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් පවතින අභියෝගකාරි තත්ත්වය පිළිබඳවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දැක්වීය.

    නිවර්තන කලාපය තුළ දේශගුණික විපර්යාස අවම කිරීමේ උත්සාහයන් සඳහා ආයෝජනය කිරීමට කැමැති රටවල් සඳහා ණය සහන ඇතුළු විකල්ප මාර්ග සොයාබැලිය යුතු බවත්, නිවර්තන කලාපයේ මේ සඳහා පවතින අවස්ථාවන් අවබෝධ කරගැනීම සඳහා මේ පියවර අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    හයිඩ්‍රොමෙට් සංසදය දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා වන නව්‍ය විසඳුම් සහ මුලපිරීම්වලට හේතු වනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා අදහස්වලින් සහ දැනුමින් දායක වන ලෙසද ඊට එක්ව සිටි සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

    දකුණු ආසියානු හයිඩ්‍රොමෙට් සංසදයේ සම සභාපති සහ භූතානයේ ජාතික ජල විද්‍යා හා කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කර්මා දප්චු, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ දිනා උමාලි ඩෙයිනින්ගර්, ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානිය සඳහා මහකොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික්, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය ඒකාබද්ධතා අධ්‍යක්ෂ සිසිල් ෆෘෘමන් සහ ලෝක කාලගුණික සංවිධානයේ මහලේකම් සෙලෙස්ටෙ සවුලෝ මහත්ම මහත්මීන් ඇතුළු දෙස් විදෙස් නියෝජිත පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

    (දිනමිණ)

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version