පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ඉන්දීය දේශපාලඥයෙකු වන අතීක් අහමඩ් නැමැති අයෙකු වෙඩි තබා ඝාතනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මොහුව වෛද්‍ය පරීක්ෂණයක් සදහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යමින් සිටිය දී මාධ්‍යවේදීන් ලෙස පැමිණි පිරිසක් විසින් මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇති අතර එම සිද්ධිය සජීවීව විකාශය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරයි.
මෙම වෙඩි තැබීමෙන් දේශපාලඥයා මෙන්ම ඔහුගේ සහෝදරයා ද ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජීවිතක්ෂයට පත් වූ දේශපාලඥයා 2004 – 2009 වර්ෂ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති අයෙකි. මොහුට එරෙහිව පුද්ගල ඝාතන චෝදනා රැසකට ලක් වූවෙක් බව සදහන්.