පසුගිය වසරේ මැයි 9 වන දින ගෝඨාගෝගම සාමකාමී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස නීතිපතිවරයා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව නීතිපතිවරයා විසින් පොලිස් මූලස්ථානයට වාර්තා කර ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
ඒ අනුව ඉදිරි නඩු කටයුතුවලදී දේශබන්දු තෙන්නකෝන් එම ප්‍රහාරයේ සැකකරුවෙක් ලෙස අධිකරණය හමුවට ගෙන්වීමට නියමිතව තිබේ.
මෙම ප්‍රහාරයට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වගකිවයුතු ආකාරයත් , ඔහු ආරක්ෂක ලේකම්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ උපදෙස් මග හැර තිබුණු ආකාරයත් අවස්ථා ගණනාවකදී අනාවරණය වී තිබිණි.
( ලංකා සර )