English
සිංහල
00:42 සඳුදා, ඔක්තෝබර් 27, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දේශබන්ධු තෙන්නකෝන්ට නිදහස්විය හැකි අකාරයෙන් චෝදනා ගොනු කිරීමට සැරසෙයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පසුගිය 09 වැනිදා ශ්‍රී ලංකාව ගිනි ගොඩක් කිරීම සදහා හිතාමතාම තම රාජකාරිය පැහැර හැරී බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා හට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 216 වැනි වගන්තිය යටතේ නඩු පැවරීම සදහා නීතිපති උපදේස් පතා තිබෙන බව ලංකා සර වාර්තා කර තිබේ.

    ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 216 වැනි වගන්තිය පහත දැක්වේ.

    216.  යමකු රජයේ සේවකයෙකුව, රජයේ සේවකයෙකු වශයෙන්, යම් වරදක් සදහා චෝදනා කරනු ලබා හෝ එබන්දක්  සදහා අත් අඩංගුවට ගැනීමට යටත් වූ යම් තැනැත්තකු අත්අඩංගුවට ගැනීමට හෝ සිරභාරයේ තැබීමට නීතියෙන් බැදී ඇති විටෙක, ඒ තැනැත්තා අත් අඩංගුවට ගැනීම ඕනෑකමින්ම පැහැර හැරියහොත් හෝ සිර භාරයෙන් ඔහු පැනයාම ඕනා කමින්ම දරා සිටියහොත් හෝ එසේ පැන යාමේහිදී හෝ එසේ පැනයාමට තැත් කිරීමේදී ඔහුට ඕනෑකමින්ම ආධාර කළහොත් ඒ රජයේ සේවකයෙකු වූ තැනැත්තාට පහත දැක්වෙන පරිදි දඩුවම් කල යුතුය.

    ලෙස සඳහන් කර දඩුවම් ලයිස්තුව ද සඳහන් කර තිබේ..

    නමුත් මේ වගන්තිය යටතේ අරගලයට පහරදීමට හෝ එදින සිද්ධියට අදාළ කිසිම බැදීමක් සදහන්ව තිබෙන බව සදහන් නොවේ. නමුත් එම සිදුවීමත් සමගම සහ අපට ලැබුණු තොරතුරු සහ සාක්ෂි මත ඔහුට දඩුවම් ලැබිය යුත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සහ පහත සදහන් අකාරයටයි.  නමුත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තව දුරටත් කොලේ වැසීමෙන් සිදුවන්නේ අදාළ විමර්ශන නිලධාරීන් තමන්ගේ ආයතනයේ ගරුත්වය තමන් විසින්ම විනාශ කරගැනීමයි.

    එසේම මහජන ආරක්ෂක අමාත්‍යවරයා වන්නේද දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ දැඩි හිතවතෙකි.

    කෙසේ වුවත් එදින සිද්ධිය පිලිබඳව ඔහුට චෝදනා එල්ලකිරීම සදහා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 30, 33, 34, 37 වැනි වගන්තීන් වලින් කියවෙන සියලු ක්‍රියාවන් සිදුකර තිබේ. ඒ අනුව 97, 100,101, 107, 109 (දෙවෙනි ජේදය), 112, 115, 120, 150, 162, 175, 289, ආදී ගණනාවකින් කියවෙන වගන්තීන් වලින් නඩු පැවරීම එදිනම සිදු වූ සිදුවීම් ප්‍රමාණවත් වේ.   නීතිපොත් සකසා තිබෙන්නේ සමාජයේ පැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට විනා දේශපාලන වුමනාවන් වෙනුවෙන් ඒවා නොකර හැරීමට නොවේ.

    මේ සිද්දිය පිලිබදව දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ වැඩ තහනම් කල යුතු අකාරය අප වාර්තා කල අකාරය පහතින්.

    “සාමාන්‍යයෙන් බරපතල ගනයේ අපරාධ මෙන්ම වංචා දූෂණ පිලිබඳව චෝදනා එල්ල වන විට ඔවුන් වහාම ස්ථානාමාරු කිරීම් හෝ වැඩ තහනමට ලක් කර යුතුය. එය සදහන් වන්නේ ආයතන සංග්‍රහයේ XLVIII යේ 30 සහ 31 වගන්තීන් වලින් මෙන්ම එම වගන්තීන් වල උප වගන්තීන් වල සදහන් කර තිබේ. ජනාධිපතිවරයාට බොහෝ බලතල තිබුනත් පනත් වල සදහන් කර තිබෙන දේවල් නොකර හැරීමට බලපෑම් කිරිමට ඔහුට හැකියාවක් නැත. ඔහු දිවුරුම් දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට පොරොන්දු වෙමිනි. ඒ අනුව කිසිම පනතක සදහන්ව තිබෙන දේවල් නොකර හැරීමට බලපෑම් කිරීමට ජනාධිපතිවරයාට නොහැකි නමුත් නඩු විභාගයකින් පසුව වැරදි කරුවන් බවට පත්වන පුද්ගලයන්ට පොදු සමාව ආදිය දීමට බලය තිබේ. එසේම පත් කිරීම් සහ ඉවත් කිරීම් සදහාද බලය ලබා දී තිබේ.

    පොලිස් නිලධාරීන් යනු රාජ්‍ය සේවකයන්ය, හමුදා නිලධරීන් මෙන්ම භටයන්ද එසේමය. නමුත් හමුදා නිලධාරීන් මෙන්ම භටයන් සදහා අදාළ පනත් වලින් දඩුවම් පැමිණවිය හැකි අකාරය සදහන් කර තිබේ. නමුත් ඔවුන් සියලුම දෙනාම මූලික නීතියටද යටත් වන අතර ඔවුන්ට එරෙහිවද කටයුතු කිරීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහය මෙන්ම සාක්ෂි ආඥා පනතද, ඊටත් ඉහලින්ම ආණ්ඩුක්‍රම නීතියද පවතී. නමුත් සමහර හමුදාවල සමහර නිලධාරීන් එම මූලික නීතියට පටහැනිව නීති අනපනත් පැනවීම සිදුකර තිබේ. ඒවා නීතිවිරෝදී වේ.

    පසු ගිය 9 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණට එකතු උනේ කළු පැල්ලමකි. එදින දකුණ ගිනි ගත්තේ බස්නාහිර පළාත භාර පොලිස් නිලධාරීන්ගේ වරදිනි. එසේ සිදුවන බව දන දැනම එය වැළැක්වීමට කටයුතු නොකිරීමේ වරද දැනටමත් ඔප්පු වී තිබේ. එදින වීඩියෝ වලට අනුව එම වරදෙහි ප්‍රධාන චුදිතයා වන්නේ බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාය. පසුගියදා මහේස්ත්‍රාත් අධිකරණයද ප්‍රකාශ කලේ පොලිසිය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි. එදින වීඩියෝ වල මෙන්ම ඊට පෙර දිනවල පැවති සූම් සාකච්චාවලදීද “ කිසිම කෙනෙක් ජල ප්‍රාහාර හෝ කදුළු ගෑස් ගහන්න එපා” යයි ඔහු පැවසූ බව උසස් පොලිස් නිලධාරීන් ප්‍රකාශ කරයි. එසේම තෙන්නකෝන් මහතාද එම ප්‍රහාරය ගැන දැනගෙන සිටි බව පිළිගෙන තිබේ. ඒවා ඔප්පු වී තිබෙන කරුණුය. අමුතුවෙන් ඔප්පු කිරීමට දෙයක් එහි නැත.

    ඔහුගේ පිළිගැනීම සහ එදින ඔහුගේ හැසිරීම මතම ආයතන සංග්‍රහයේ 31:1:1, 31:1:2, 31:1:9, 31:1:11, 31:1:13, 31:1:14,  යටතේ වැරදි සිදුකර තිබෙන බව පැහැදිලිවම සාක්ෂි තිබේ. නමුත් නීතියට අනුව ඒවා නිසි ක්‍රම වේදයන් ඔස්සේ ගොනු ගත කල යුතුය. අප ඉහත සදහන් කරන් ලද කාරනාවලට අනුව ආයතන සංග්‍රහයේ 31:1:15 වගන්තියෙන් කියවෙන පරිදි චෝදනා ලද්දෙකු එම සේවයේ සිටීම පොලිස් දෙපාර්තමේන්තුවට දැඩි අපකිරිතියක්ව පවති. එසේම ඔහු නිසා දිනෙන් දින මහජන කැළඹීම් සිදු වෙමින් පවතී. එබැවින් කල යුත්තේ ඔහුගේද ආරක්ෂාව පතා ඔහුගේ වැඩ තහනම් කරමින් ස්වාධින පරීක්ෂනයක් සිදු කිරීමයි.

    ඉහත සදහන් කල කාරණාවලට අනුව මූලික විමර්ශනයක් මගින් ඔහුගේ වැඩ තහනම් කල යුතුය. නමුත් දේශබන්ධු තෙන්නකෝන් මහතා සේවයේ දී සිටීම බාධාවක් බව ජනතාව සුරැකීමේ ප්‍රධානියා වන නීතිපති මුලින්ම තීරණය කර තිබේ. එසේම මහජනතාව මෙන්ම පොලිස් නිලධාරින්ද ඔහු පිලිබඳව අවිශ්වාශයෙන් බලනුයේ විමර්ශනය තවමත් සිදුවන්නේ නිසි මාර්ගයේ නොවන නිසාය. එවැනි අවස්තාවක මූලික විමර්ශනයකින් තොරව වුවත් ඔහුගේ වැඩ තහනම් කිරීමට බලය ලබා දී තිබෙන්නේ ආයතන සංග්‍රහයේ 31:5:1 වගන්තියයි. එසේම ඔහු එදින ප්‍රහාරය දැනගෙන සිටි බව පිළිගෙන තිබේ. එසේම එදින ඔහුගේ හැසිරීම් පිලිබඳවද වීඩියෝ ඕනා තරම් තිබේ. එවයින්ම ඔහුගේ වරද පැහැදිලිවම දක්නට තිබේ. එවැනි අවස්තාවකද කටයුතු කල යුත්තේ 31:5:2 වගන්තියට අනුවයි. එසේම මේ වන විටත් ඔහුට විරුද්ධව අපරාධ චෝදනා මත අධිකරණයේ නඩුවක් පවරා තිබේ. එවැනි අවස්ථාවක කටයුතු කල යුත්තේ එම සංග්‍රහයේම 31:5:3 වගන්තිය යටතේය.

    ඊට අමතරව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලබා දීම සදහා දැනටමත් ඔහුට විරුද්ධව නඩු පවරා තිබේ. එසේම අපට ලැබෙන තොරතුරුවලට අනුව ඔහුට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුද පැවරීමට නියමිතව තිබේ.

    මෙරට නීතිය නම් මෙයයි. නීතිපති විසින් ඔහුව ස්ථානමාරු කරන ලෙස දැනුම් දී ඇත්තේ මූලික විමර්ශනයන් සිදුකිරීමට එරෙහිව ඔහුව යම් යම් බලපෑම් කරන බවට ලැබෙන චෝදනා වලට අනුව විය යුතුය. නමුත් අප ඉහතින් සදහන් කල වගන්තීන් ඔස්සේ මේ වන විටත් ඔහුගේ වැඩ තහනම් කල යුතුව තිබේ. මෙය වෙනත් ග්‍රහලෝකයක හෝ වෙනත් දේශයක් නීතියක් නොවේ. රාජ්‍ය සේවය මෙන්ම මහජන සාමය පවත්වා ගැනීම වෙනුවෙන් පනවා තිබෙන නීතියකි. එය ක්‍රියාත්මක නොකරන්නේ නම් එය ක්‍රියාත්මක නොකරන නිසි විනය බලධාරියාටද අප ඉහතින් සදහන් ආයතන සංග්‍රහයේ සියලුම චෝදනා යටතේ මෙන්ම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ නීතියානුකූල නොකර හැරීම්, ව්‍යවස්ථාපිත යුතුකම් නොකර හැරීම ආදී වගන්තින් ගන්නවකින්ම නඩු පැවරිය හැකිය. මෙහිදී නිසි විනය බලධාරියා වන්නේ “ පොලිස්පති” වන අතර පොලිස්පතිගේ රාජකාරිය නිසි ලෙස ඉටුකිරීම ඔහුගේ වගකීම වේ.”

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version