English
සිංහල
03:21 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    නඩු විභාගවලදීත් නීතිය ඉගෙන ගන්න. සාක්ෂිත් ගත්තට පස්සේ විරෝධතා ඉදිරිපත්කරලා වැඩක් නෑ! නීතිපතිටත් පාඩමක් !

    NN. Niluka by NN. Niluka
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ගැසට් පත්‍රයේ සඳහන් නිර්ණායක උල්ලංඝනය කරමින් විදුලි වැටක් ඉදිකිරීම තුළින් වනජීවී දෙපාර්තමේන්තුව කුඹුරු වගාවන් රැසකට බරපතළ හානි පමුණුවා ඇති බවට චෝදනා කරමින් ප්‍රථම වතාවට මෙරට අධිකරණයක පවරා ඇති නඩුව මේ මස 14 වැනි දින විභාගයට ගැනීමට අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළේය.

    අනුරාධපුර එක්සත් කෘෂිකර්ම සංසදයේ සභාපති විශ්‍රාමික සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ 84 හැවිරිදි ආර්.එම්. නවරත්න බණ්ඩා මහතා අධිකරණය හමුවේ පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්දන සූරිය බණ්ඩාර සහ නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් යන මහත්වරුන් සහ වනජීවී දෙපාර්තමේන්තුව නම් කර තිබේ.

    නඩුව කැඳවූ අවස්ථාවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ මොහිදීන් ෆායිෂ් මහතා අධිකරණයට කියා සිටියේ මෙම නඩුව විභාග කිරීමට අනුරාධපුර දිසා අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවය. නඩුවට අදාළ ප්‍රදේශය පිහිටා ඇත්තේ කැකිරාව දිසා අධිකරණ බලප්‍රදේශයේ බවද ප්‍රකාශ කළ රජයේ නීතිඥවරයා ඒ අනුව මෙම නඩුව විභාග කිරීමට අනුරාධපුර දිසා අධිකරණයට බලයක් නොමැති බව කීය.

    පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ හේ.බ. රත්නායක මහතා සඳහන් කළේ නඩුවට අදාළ විරෝධතා ඇත්නම් ඒ බව අධිකරණයට ප්‍රකාශ කළ යුත්තේ නඩුව විභාගයට ගැනීමට පෙර බවයි. එසේ නොමැතිව නඩුව විභාගයට ගෙන සාක්ෂි විමසීම් පවා සිදු කළ පසුව අධිකරණ බලය නොමැති බව පවසමින් විරෝධතා දැක්වීමෙන් පලක් නැති බවද නීතිඥවරයා කීය.

    පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ හේ.බ. රත්නායක මහතා සිය මූලික කරුණු දැක්වීම්වලදී සඳහන් කළේ වන අලීන්ගෙන් කුඹුරු වගාවන්ට සිදු වන හානි සහ එල්ල වන තර්ජනවලින් මිදීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවෙන් විදුලි වැටක් ඉදි කළ යුත්තේ ගල්කිරියාගම උදුරුව විරන්දාවටන හා හෝරාපොළ යන ගම්මාන යා කිරීමෙන් බවයි.

    එහෙත් වනජීවී දෙපාර්තමේන්තුව මෙම විදුලි වැට ඉදි කර ඇත්තේ ගල්කිරියාගම උදුරුව දෙඹිවටන විරන්දාවටන මහවැලි කුඹුරු සහ තබණ්ඩාරපොන හා හෝරාපොළ යන ගම්මාන යා කරමින් බවද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

    අවිධිමත් ආකාරයෙන් ඉදිකර ඇති ප්‍රශ්නගත මෙම විදුලි වැට නිසා ප්‍රදේශයේ කුඹුරු වගාවන්ට වන අලීන්ගෙන් බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවද නීතිඥවරයා කීය. වනජීවී දෙපාර්තමේන්තුව මෙම විදුලි වැට ඉදිකර ඇත්තේ විදුලි වැටක් විධිමත් ආකාරයෙන් නියමිත බිම් තුළ පමණක් ඉදි කළ යුතු ආකාරය දැක්වෙන රජයේ ගැසට් පත්‍රයේ සඳහන් නිර්ණායක මුළුමනින්ම උල්ලංඝනය කරමින් බවට ද නීතිඥවරයා චෝදනා කළේය.

    මෙම ප්‍රදේශය වසරේ වැඩි කාලයක් වර්ෂාවෙන් තොර වියළි කාලගුණයක් පවතින බවත් වැව් ජලය උපයෝගි කර ගනිමින් වගාවන් සිදු කර ඇති බවත් දැනට ඉදිකර ඇති විදුලි වැට ආසන්නයේ ගොයම් සහිත විශාල බිම් ප්‍රමාණයක් පවතින බවත් අධිකරණයට සැලකළ ජ්‍යෙෂ්ඨ නීතිඥ රත්නායක මහතා එම කුඹුරු වගාවන්ට වන අලීන් පැමිණීම වළක්වාලීමට දැනට ඉදිකර ඇති විදුලි වැට ප්‍රමාණවත් නොවන බවද අවධාරණය කළේය.

    මෙම පෙත්සම විභාගයට ගෙන අවිධිමත්ව ඉදිකර ඇති ප්‍රශ්නගත විදුලි වැට රජයේ ගැසට් පත්‍රයේ සඳහන් නියමයන් උල්ලංඝනය කරමින් ඉදි කර ඇති බවට තීන්දු කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටි නීතිඥවරයා දැනට ඉදිකර ඇති විදුලි වැට වෙනුවට රජයේ ගැසට් පත්‍රය ප්‍රකාරව නියමිත ගම් මායිම් හරහා විදුලි වැට ඉදි කරන ලෙසට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරන ලෙසත් අයැද සිටියේය.

    පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ හේ.බ. රත්නායක මහතා සමඟ නීතිඥ හර්ෂණී ප්‍රේමසිරි මහත්මිය පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මාලනී රණේපුර මහත්මියගේ උපදෙස් මත රජයේ අධිනීතිඥ මොහිදීන් ෆායිෂ් මහතා පෙනී සිටියේය.
    ( දිනමිණ)

    Tags: ගවේෂණාත්මක පුවත්ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රජා පුවත්විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version