ඊයේ (10) රාත්‍රියේ ජංගම යතුරුපැදි මුර සංචාරයේ නිරත වූ අක්මීමන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට යාමේ දී ඇති වූ සිද්ධියක් නිසාවෙන් පොලිස් නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති අතර එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
මෙලෙස පොලිස් නිලධාරීන් විසින් මෙම පුද්ගලයින් දෙදෙනා පරීක්ෂා කිරීමේදී එක් පුද්ගලයෙකු ඉන් පලා ගොස් අති අතර අනෙක් පුද්ගලයා විසින් බෝම්බයක් දමා ගැසීමට උත්සාහ දරා තිබේ. එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් වෙඩි තැබීම සිදු කර ඇති අතර එයින් අදාළ සැකකරු තුවාල ලබා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.අනතුරුව පලා ගිය සැකකරුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ 105 ක් සොයා ගත් බව සඳහන්.