විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කේ.බී.කේ.හිරිඹුරේගම මහතා අද (4) පස්වරුවේ ජනාධිපති කාර්‍යලයේ දී පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා ( ඔම්බුඩ්ස්මන්) වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව වාර්තා වේ.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම්වරයා ද සහභාගී වී ඇති බව සදහන්.
එමෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156(2) ව්‍යවස්ථාව සහ 1981 අංක 17 දරණ පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස් පනතේ 3(1) වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති බව වාර්තා කරයි.













































