මහාමාර්ග අමාත්‍යවරයා විසින් නව ගුවන් පාලම් 04ක් ඉදිකිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මෙම නව පාලම් හංගේරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් මූල්‍ය සහයෝගීතාව මත ඉදිකිරීමට නියමිතව ඇත.
ඒ අනුව මෙම නව ගුවන් පාලම් මුත්තොටුගල දුම්රිය හරස් මාර්ගය හා හිරිපිටිය හන්දිය, පස්යාල මංසන්ධිය, මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය සහ තලවතුගොඩ මංසන්ධියට ඉදිකිරීමට යෝජනා වී ඇත.
පවතින වාහන තදබදය සඳහා විසඳුමක් වශයෙන් මෙම නව පාලම් ඉදිකිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාව සහ හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මුල්‍ය පහසුකම් සැපයීමට ඇති කරගත් මූල්‍ය සහයෝගීතාවය මත මේ වන විට කොහුවල හා ගැලඹේ ගුවන් පාලම් ඉදිකරමින් පවතියි.















































