අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජිත නව රජයේ පාලන ව ව්‍යුහය ඉදිරිපත් කරන ලදී. එහිදී ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට වග කියන බව සදහන් කරන ලදී.
පාර්ලිමේන්තු ව්‍යූහය වෙනස් කර දැනට පවතින පාර්ලිමේන්තු ක්‍රමය හෝ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය සහ රාජ්‍ය සභා ක්‍රමය ඒකාබද්ධ කර නව ක්‍රමයක් ඇති කරමින් පාර්ලිමේන්තුවට රට පාලනයට සහභාගි වෙන්න පුලුවන් බව සදහන් කරන ලදී
මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවට එම බලතල ලබාදීමට නම් මුලින්ම පවතින නීති ශක්තිමත් කළ යුතුයි. එක්සත් රාජධානිය, නවසීලන්තය, ඉන්දියාව වැනි රටවල් ආදර්ශයට ගනිමින් අපි වඩාත් ශක්තිමත් සහ බලගතු නීතියක් යෝජනා කරනවා බවද අගමැතිවරයා පැහැදිලි කළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට රජයේ මුදල් පිළිබඳ කාරක සභා තුනක් පවතින බවයි – රාජ්‍ය මූල්‍ය කාරක සභාව, ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව. මෙම කාරක සභා තුනේ බලතල ශක්තිමත් කිරීම සඳහා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත් ඊට අමතරව නිර්දේශ ඉදිරියට ගෙන එන බවද සදහන් කරන ලදී.
ඊට අමතරව මුදල් කටයුතු පිළිබඳ නව කමිටු දෙකක් පිහිටුවීමට අපි කටයුතු කරනවා. ඒ පිළිබඳව සොයා බැලීමට අපි නීතිමය හා ක්‍රමවේද කමිටුවක් පත් කරනවා. දෙවනුව අප මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ බැංකු සහ මූල්‍ය ආයතනවල මූල්‍ය තත්ත්වයයි. දුර්වල වූ ප්රශ්න ගණනාවක් තිබෙන බවද ඔහු සදහන් කරන ලදී.
“අපගේ ස්ථාවර නියෝග 111 යටතේ අපට අධීක්ෂණ කමිටු පත් කළ හැකියි. මීට පෙර අධීක්ෂණ කමිටු පත් කර නැහැ. ඒ නිසා අපි අධීක්ෂණ කමිටු දහයක් පත් කරන්න යෝජනා කරනවා. ප්‍රතිපත්ති ගැනත් පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. ඒ ගැන පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුතුයි.” ඒ මහතා සදහන් කරන ලදී.
මෙම මුදල් කාරක සභා පහේ සහ අධීක්ෂණ කාරක සභා දහයේ සභාපතිවරුන් පත් කරනු ලබන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් වන අතර අමාත්‍යවරුන් විසින් පත් නොකරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
“එබැවින්, අමාත්‍ය මණ්ඩලයෙන් ස්වාධීන වන, අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුව යන දෙකම සමඟ කටයුතු කරන ක්‍රමවේදයක් සකස් කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. පවතින ක්‍රමය වෙනස් කරන්න කියලා තරුණයෝ කියනවා. ඒ අයටත් දැන් තියෙන ප්‍රශ්න දැනගන්න ඕන. එබැවින් මෙම කමිටු 15 ට තරුණ නියෝජිතයන් හතර දෙනෙකු බැගින් පත් කිරීමට මා යෝජනා කරනවා. ඔවුන්ගෙන් එක් අයෙකු යොවුන් පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලැබේ. අනෙක් තිදෙනා විරෝධතා කණ්ඩායම් සහ අනෙකුත් ක්‍රියාකාරී කණ්ඩායම්වල අය වෙති. මේ පුද්ගලයන් තෝරා ගැනීමට යොදාගත් ක්‍රමවේදය තරුණ සංවිධානවලටම තීරණය කළ හැකියි,” වික්‍රමසිංහ පැහැදිලි කළේය.
“අපිත් ජාතික සභාවක් යෝජනා කරනවා. කථානායක, අගමැති, විපක්ෂ නායක සහ ප්‍රධාන පක්ෂ නායකයන්ගෙන් සමන්විත කමිටුවක් ජාතික සභාව ලෙස හැඳින්වේ. ජාතික සභාව ඉතා වැදගත් බව කිව යුතුයි. ජාතික සභාවට රටේ ප්‍රතිපත්ති ගැන කතා කරන්න පුළුවන්. කැබිනට් තීරණ ගැනත් කතා කරන්න පුළුවන්. මේ රටේ පාර්ලිමේන්තුවේ ප්‍රතිසංවිධානය ගැනත් කතා කරන්න පුළුවන්. එසේ නම් එය දේශපාලන ආයතනයක් ලෙස හැඳින්විය හැකියි” ඔහු වැඩිදුරටත් පැවසීය.
අගමැතිවරයාට අනුව අමාත්‍ය මණ්ඩලය සහ කාරක සභා සභාපතිවරුන් කැඳවීමේ අයිතිය ජාතික සභාවට තිබේ.
“අපි යෝජනා කර ඇති නව ක්‍රමයට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියනවා. අමාත්‍ය මණ්ඩලය ද පාර්ලිමේන්තුවට වගකිව යුතු ය. ජාතික සභාව ද පාර්ලිමේන්තුවට වගකිව යුතු ය. කාරක සභා පහළොවක් සහ අධීක්ෂණ කාරක සභා පාර්ලිමේන්තුවට වගකියන බව අගමැති වික්‍රමසිංහ මහතා පැවසීය.














































