රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙකු ඊයේ (19) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඔවුන් වන්නේ,
සුරේන් රාඝවන් – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
සදාසිවම් වියාලේන්ද්‍රන් – තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් – ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
මොහොමඩ් මුෂාරෆ් – පේෂ කර්මාන්ත හා දේශීය ඇගළුම් නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
යන අයයි. මේ අතර අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු සුරේන් රාඝවන්ගේ රාජ්‍ය අමාත්‍ය ධූරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.













































