දේශීය සිමෙන්ති නිෂ්පාදයකයන් විසින් අද (01) දින සිට දේශීය සිමෙන්ති කොට්ටයක මිල රු.100 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇත.
ඒ අනුව දේශීය සිමෙන්ති කොට්ටයක පැවති මිල වන්නේ රු.1275.00 ක් වන අතර එය රු.1375.00ක් දක්වා ඉහළ නංවා ඇත.
එමෙන් ම මේ වන විට ආනයනික සිමෙන්ති කොට්ටයක මිල සටහන් වන්නේ රු.1475 ක් ලෙසය.













































