කිසිදු පාර්ලිමේන්තු අසුනක් නොමැතිව පරදී ගෙදර ගිය රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය ට ජාතික ලැයිස්තුවෙන් හිමි වූ එකම මන්ත්‍රී ආසනයේ දිවුරුම් දීමට යොදා ගත්තේ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජන්ම දිනයයි. ඔහු ඉතාම නිහතමානිව සදහන් කලේ “රණසිංහ ප්‍රේමදාස යනු මගේ නායකයා. මට හිතුනා දිවුරුම් දීම සදහා එදා හොද බව. මා ඒ නිසා එදින දිවුරුම් දුන්නා”. ලෙසයි.
මේ වන විට එකා යකා වී වැඩ ආරම්භ කර තිබේ. පැරණි ඇමැතිවරුම නැවත පත්වෙමින් තිබේ. ඒ අනෙක් පක්ෂවල මන්ත්‍රීවරුන් එකතු වී වැඩ කිරීමට අකමැති නිසාය.
කෙසේ වෙතත් තම යටතේ සිටි නියෝජ්‍ය නායකයාට නැවත පැමිණෙන ලෙස අරාධනා කලේ අද උදෑසනයි. ඒ ලිපියක් මගින් එකතුව, පක්ෂ බේද අමතක කරමින් රට ගොඩනගමු යන යෝජනාව සමගයි. එම ඉල්ලීම පිළිතුරු ලබා දෙමින් තමන්ගේ ස්ථාවරය වෙනස් නැමති බවත්, නමුත් රට ගොඩනැගීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී සහයෝගය දෙන බවත් ප්‍රකාශ කර තිබේ.
















































