එළැඹෙන ඉරිදා දින නාවලපිටිය නගර්යේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළග රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් පවසා ඇති ආකාරයට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ ජේෂ්ඨයන් රැසක් මෙම රැස්වීමට සහභාගී වීමට නියමිතව ඇත.
ලේකම්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා ඇත්තේ මේ අයුරින්ම උතුරු නැගෙනහිර හැර දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පක්ෂය ඊලග මැතිවරණ වලට සුදානම් කිරීම සදහා මෙම රැස්වීම් මාලාව පවත්වන බවයි.














































