ඊයේ(16) දිනයේදී නාවලපිටිය නගරයේ පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබූ රැස්වීමකට විරෝධය දක්වමින් සහ ඉහළ යන ජීවන බරට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතා ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබූ අතර,
පොලීසියෙන් අවසර ගැනීමකින් තොරව එම උද්ඝෝෂණය පැවැත් වීම නීති විරෝධී බවත් ,දේශපාලන පක්ෂ දෙකක් අතර ගැටීම් ඇතිවීමට ඉඩකඩ ඇති බවත් පවසමින් ඊයේ(16) දිනයේ සසංක සම්පත් සංජීව ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත් ඊයේ (16) දිනයේදී ම සසංක සම්පත් සංජීව ඇතුළු 15 දෙනා නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නාවලපිටිය මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා විසින් ඇප මත මුදාහැර ඇත.
එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරිමින් මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට යළි දෙසැම්බර් 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කර ඇත.