මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 09 දෙනෙකු ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දී විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය විසින් ලබා දුන් තොරතුරු මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහෙයවන ලද විශේෂ මෙහෙයුමේදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
එලෙස අත්අඩංගුවට ගත් සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ ව්දෙස් ජාතික සැකකරුවන් 06 දෙනා ශ්‍රී ලංකා නාවික නෞකා “සිදුරළ” නෞකාවේ ආරක්ෂාව යටතේ කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිතය.















































