අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් සැලසුම් කරන ලද Artemis 1 රොකට්ටුව දියත් කිරීම දෙවන වරටත් තල් තැබීමට සිදුව ඇති බව එම ආයතනය පවසයි.
එය පසුගිය සඳුදා දින දියත් කිරීමට සූදානම්ව තිබිය දී සිදු වූ හයිඩ්‍රජන් කාන්ඳුවක් හේතුවෙන් එය දියත් කිරීම කල්තබා ඇත.
කෙසේ නමුත් මෙය මේ වන තෙක් නාසා ආයතනය නිෂ්පාදනය කර ඇති ප්‍රබලතම රොකට්ටුව වන අතර එය දියත් කිරීමේ මට්ටමට ගෙන ඒමට මෙතෙක් හැකියාව ලැබී නොමැති බව වාර්තා වේ.
නාසා ආයතනය ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපය තුළ දී රොකට්ටුව යථා තත්ත්වයට පත්කර දියත් කිරීමට පියවර ගන්නා බවයි.