- මහවැලි ව්‍යාපාරයෙන් මඟහැරුණු මහවැලි ඒ හා බී කලාප දෙක සංවර්ධනයට පියවර.
- නිලාවේලි සිට පානම දක්වා පුළුල් සංචාරක ප්‍රවර්ධන සැලැස්මක් ජනපති මඩකලපුවේ දී කියයි.
ත්‍රිකුණාමල නගරය සංවර්ධනය ඇතුළු නැගෙනහිර පළාතේ කෘෂි නවීකරණය සහ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මහවැලි ව්‍යාපාරයෙන් මඟහැරුණු මහවැලි ඒ හා බී කලාප දෙක සංවර්ධනය කරමින් මඩකලපු දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් නිලාවේලි සිට පානම දක්වා පුළුල් සංචාරක ප්‍රවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට අද (08) පෙරවරුවේ එක්වෙමිනි.
මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149වන සංවත්සරයට සමගාමීව විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද කටයුතු කර තිබුණි.
මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සමත් සිසු සිසුවියන්ට තිළිණපත් පිළිගැන්විම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
( ජනාධිපති මාධ්‍ය ඒකකය )














































