අද රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමා ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.40 කින් ද ඔටෝ ඩිසල් ලීටරයක මිල රු. 15 කින් ද අඩුකර ඇත.
එසේ මිල පහත හෙලීමෙන් පසු නව මිල ගණන් වන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල්. 370 ක් ද, ඔටෝ ඩිසල් ලීටරයක මිල රුපියල්. 415 ක් ද වේ.
මේ අතර ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් වලට සාපේක්ෂව අද (17) රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.