ඊයේ රාත්රියේ වාර්තා වූ ආරක්ෂක සිදුවීමක් මත කොළඹ පිහිටි ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්යස්ථානය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලය අමතා දැනුවත් වන ලෙස සියලු අයදුම්කරුවන්ට දැනුම් දෙන බව එහි තවදුරත් සදහන් වේ.
ඕනෑම වීසා ප්රශ්නයක් සදහා මහ කොමසාරිස් කාර්යාලය හරහා සම්බන්ධ වන ලෙස කියයි.















































