නොරොච්චෝලේ ගල්අගුරු බලාගාරයේ දෙවන ජනක යන්ත්‍රය ඉදිරි දින දෙක තුල නැවත ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට හැකිවනු ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
මෙලෙස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ පසුගිය දා නඩත්තු කටයුක්තක් සදහා අක්‍රීය කෙරුණු එක් යන්ත්‍රයක් වේ.
එම ජනක යන්ත්‍රය අක්‍රීය වීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 270 ක ධාරිතාවක් අහිමි වී තිබේ.
















































