English
සිංහල
01:38 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    NN. Niluka by NN. Niluka
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    ඉතාලි ජාතිකයෝ තවමත් එම චිත‍්‍රය මොනාලිසා නමින් හැඳින්වීමට අකමැතිය. ඔවුන් එය හඳුන්වන්නේ ජොකොන්දා නමින්ය. මොනාලිසාගේ සැබෑ නම ලිසා ගෙරර්දීනීය. ඇය විවාහවී සිටියේ ෆිරෙන්සියේ එවකට සුප‍්‍රසිද්ධ ව්‍යාපාරික ෆ‍්‍රැන්සිස්කෝ ජොකොන්දා සමගය. ඉතාලි ජාතිකයෝ ලෙනාඩෝ ඩා වින්චිගේ උක්ත චිත‍්‍රය තවමත් හඳුන්වන්නේ ඇගේ වාහක සැමියාගේ වාසගමිනි.

    ඉතාලි ජාතිකයෝ තවමත් මොනා ලීසා චිත‍්‍රයේ අයිතිය තමන් සතු බව කියති. මෙයට පදනම් වෙන්නේ එම චිත‍්‍රය සිතුවම් කළ ලෙනාඩෝ ඩා වින්චි ඉතාලි ජාතිකයකු වීමය. එහෙත් ලෙනාඩෝ ඩා වින්චි විසින් ම එම චිත‍්‍රය ප‍්‍රංශයේ දී මුදලට විකුණා දැමූ චිත‍්‍රයක් වෙන බැවින්, ඉතාලි ජාතිකයන්ගේ උක්ත තර්කය පදනම් විරහිතය.

    තම බිරිඳ වූ ලීසාගේ චිත‍්‍රයක් අඳින ලෙස ලෙනාඩෝ ඩා වින්චිට භාරදී තිබුණේ ඇගේ සැමියා විසින් මය. ජොකොන්දා ඇණවුමක් මත අඳින ලද චිත‍්‍රයක් වූ බැවින්, සිතුවම නිමා වූ පසුව ඇණවුම්කරුට එය භාරදිය යුතුව තිබුණි. එහෙත් චිත‍්‍රය ඇණවුම්කරුට බාරදී තිබුණේ නැත. ලෙනාඩෝ ප‍්‍රංශයට සංක‍්‍රමණය වෙන විට ජොකොන්දා චිත‍්‍රය තමන් සමග එහි රැගෙන ගොස් තිබුණේ ඒ නිසාය. මේ පිළිබඳව අවධානය යොමුකරන ඇතැමෙකු පවසන්නේ, ලීසාගේ සැමියා වූ ෆ‍්‍රැන්සිස්කෝ ජොකොන්දා තම බිරිඳගේ සිතුවම පිළිබඳව සෑහීමකට පත්නොවූ බැවින් එය භාර නොගන්නට ඇති බවය. මෙම චිත‍්‍රය ලීසාගේ සැබෑ රූපය හා නොසැසදෙන්නට ඇතැයි ඔවුහු කියති. මහා හඬකින් නොකීව ද, චිත‍්‍ර පිළිබඳ ඇතැම් විචාරකයන් කියන්නේ මොනාලිසා චිත‍්‍රයේ අඩුපාඩු රැසක් ඇති බව ය. ලෙනාඩෝ් ම වුව ද මෙම චිත‍්‍රය පිළිබඳව සෑහීමකට පත්ව සිටියේ නැත. මොනාලිසා චිත‍්‍රය පිළිබඳව මෑතක දී කරන ලද එක්ස් කිරණ පරීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ, පසුකාලීනව ලෙනාඩෝ ඩා වින්චි විසින්ම මෙම චිත‍්‍රයේ වෙනස්කම් කීපයක් කර ඇති බව ය.

    ලෙනාඩෝ ඩා වින්චි විසින් ජොකොන්දා චිත‍්‍රය 1516 දී එවකට ප‍්‍රංශයේ රජකම දැරූ චිත‍්‍ර ලෝලියෙකු වූ පළමුවැනි ෆ‍්‍රැන්සිස්ට රං කාසි හාරදහසකට විකුණා දමා ඇත. ජොකොන්දා මොනාලිසා වූයේ එතැන් පටන් ය. රජ පවුල සතුව තිබුණු මෙම චිත‍්‍රය ප‍්‍රංශ විප්ලවයෙන් පසුව කෞතුකාගාර භාරයට පත්ව ඇත. නැපෝලියන් බොනපාට් බලයට පත්වීමෙන් පසුව මෙම චිත‍්‍රය ගෙන ගොස් කෙටි කලක් තම යහන් ගබඩාවේ තැන්පත් කර තිබුණු බවක් ද කියැවේ.

    මොනාලිසා චිත‍්‍රය පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තිබිය දී, 1914 දී ඉතාලි ජාතිකයකු විසින් එය සොරාගෙන ඉතාලියට නැවත රැගෙනවිත් තිබුණි. සිකුරාදා සවස කරන ලද මෙම සොරකම කෞතුකාගාර භාරකාරත්වය හෙළිකරගෙන තිබුණේ සඳුදා පෙරවරුවේ ය. ඒ වෙන විට චිත‍්‍රය ප‍්‍රංශයෙන් පිටමංව තිබුණි. එහෙත් මාස විසි අටකට පසුව මෙම චිත‍්‍රය ෆිරෙන්සියේ සඟවා තබා තිබිය දී නැවත සොයාගෙන, 1915 දී යළි ප‍්‍රංශයට ම භාර දී ඇත.

    ලිසා ගෙරර්දීනී උපත ලබා තිබුණේ 1479 ජුනි මස පහළොස්වැනිදා ය. ඇය ලෙනාඩෝ ඩා වින්චි ඉදිරිපිට චිත‍්‍රය සඳහා මුහුණ දෙන විට ඇගේ වයස අවුරුදු විසිහතරකි. එහෙත් චිත‍්‍රයෙන් පෙනෙන්නේ වයසට වඩා මේරූ කාන්තාවකගේ රූපයකි. මීට වසර කීපයකට පෙර මොනාලිසා චිත‍්‍රය පරීක්ෂා කළ වෛද්‍යවරු කණ්ඩාමක් ප‍්‍රකාශ කළේ, ලිසා ගෙරර්දීනීගේ රුධිරයේ කොලැස්ටරෝල් ඉතාම ඉහළ මට්ටමක පවතින්නට ඇතුවාට සැකයක් නැති බවය. ඇය මියගියේ 1542 ජූලි මස පහළොස්වැනිදා ය. ඒ වෙන විට ලිසාගේ වයස අවුරුදු හැට තුනකි. මියයන විට ඇය දරු පස්දෙනෙකුගේ මවකි. ඇගේ ගැහැනු දරුවන් දෙදෙනම කන්‍යාසොහොයුරියන් බවට පත්ව සිටියෝ ය. ලිසා ගෙරර්දීනීගේ සිරුර ෆිරෙන්සි නගරයේ සාන්ත ඔර්සොලා කන්‍යාරාමයේ සාන්ත මරියා නොවෙල්ලා බැසිලිකාව තුළ භූමිදාන කළ බව පැරණි ලේඛන පෙන්වා දෙයි. 2015 වසරේදී මෙම බැසිලිකාව තුළ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් මගින් ලිසා ගෙරර්දීනිගේ අස්ථි ශේෂ සොයාගෙන ඇත.

    මොනාලිසා දිර්ඝ කාලීනව නිහඬව සිටින්නේ නැත. මේ දිනවල ඇය පිළිබඳව පවතින කතාබහ වුවද තව නොබෝ දිනකින් නිහඬ වෙනු ඇත. එහෙත් ඒ නිහඬ බව දිගුකල් රැකීම ඇගේ සිරිත නොවේ. මීළඟ වාරයේ දී ඇය කුමන මාතෘකාවක් මත කතාකරනු ඇත්දැයි අපි බලා සිටිමු. (දැනුම් පොද)

    Tags: ගවේෂණාත්මක පුවත්විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version