එක්ස්ප්‍රස් පර්ල් නෞකාව යන්නෙන් සිහි වෙන විටත් නෙතට කදුළු උණන්නේ පරිසරයට සතුන්ට ඇති ආදරය නිසාවෙනි.එනම් නැව මුහුදුබත් වීමෙන් සිදු වූ පරිසර හා සත්ව ජිවිත හානිය නැවත කිසිදිනක මුදලට ගත නොහැකි බැවිනි.මේ පිළිබඳව ප්‍රකට පරිසරවේදී නයනක රන්වැල්ල මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල සාකච්ඡාවේදී කරුණු හෙලිදරව් කරන ලදි.
නයනක රන්වැල්ල මහතා ප්‍රකාශ කරන්නේ නිල නොලත් ආරංචි මාර්ග මගින් අනාවරණය වන පරිදි එක්ස්ප්‍රස් පර්ල් පිළිබඳව සිංගප්පූරුවේ නඩුවක් පවරා නොමැති බවත් පාර්ලිමේන්තුවේදී මෙය නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා මීපා එකේ බලධාරීන්ගෙන් පෙත්සම්කරු කව්ද යන්න ප්‍රශ්න නැගූ අවස්ථාවේදී “අපි දන්නෙ නෑ” යනුවෙන් පැවසූ බවත් ,මීපා එක දවස් දහයක් තිබියදී පවා මේ පිළිබඳව නොදන්නවා යනුවෙන් අදහස් වන්නේ මේක බොරුවක් බවත්,මේ රට රවට්ටමින් සිදු කරනු ලබන වංචාවක් බවත්ය .
එමෙන්ම අවසාන වශයෙන් මෙම කතාව අවසන් වීමට ඇත්තේ දින 10ක් බවත් ,ඉන්පසු මෙම පොත වසා දමා අපේ රටේ ඩොලර් මිලියන ගණනක් ලබා ගත් අය එම අල්ලස ගැන සිතා සැනසුම් සුසුම් හෙළන බවත්ය .මේ රටේ විශාල මිනිසුන් ප්‍රමාණයක් බැර ලෝහ ආහාරයට ගෙන ශරීරයට ව්ශාල හානියක් ඇති වූවද , රසායනික ද්‍රව්‍ය එක් වී මුහුද අමු සොහොනක් වුණ නමුත් පාලකයන්ට එහි ගානක් නොමැත. මෙහි පාලකයන් සතුටු සිතින් එය සපුරාලීමට ලබන 19 වැනිදා රාත්‍රිය වන තෙක් බලා සිටින්නේ එදායින් පසුව ලංකාව තුළ නැවත වන්දිකරයක් සපුරාලීමට නොහැකි බැවින් නිසා යැයි ප්‍රකාශ කර තිබේ.
එසේම විජේදාස රාජපක්ෂ මහතා ඉතාම සූක්ෂම අමාත්‍යවරයෙකු මෙන්ම ඉතාම දක්ෂ ලෙස විවිධ පැතිකෝණ පිළිබඳව දන්නා නීතිඥයෙකු බවත් ඔහු විසින් දැන හෝ නොදැන මෙය වෙනත් පැත්තකට හරවන පඹගාලක පැටලවීමට චාමර ගුණසේකර නැමැත්තෙකු මවා පෙන්නූ නමුත් විජයදාස රාජපක්ෂට මතක් කර සිටින්නේ නඩු දැමීමේ හැකියාව,ශක්තිය සහ විභවය තීරණ ගැනීමේ බලය පවතින්නේ එතුමාට බැවින් එතුමා මේ දේ නිසි පරිදි සිදු නොකළහොත් අපිට සැක කරන්න වෙනවා නොපෙනෙන මුදල් එතුමාටත් ලැබුණාද යන්න එබැවින් එම සැකය නිශ්චිත සැකයක් බවට පත් නොකර දවස් 10ක් ඇතුළත නිවැරදිව ලංකා අධිකරණයක මේ නඩුව පවරන්න යැයි පවසා තිබේ.
එමෙන්ම නීති විරෝධී ආකාරයෙන් පැමිණි මෙම නැව මුහුදුබත් වුණායින් පසු පොඩි පොඩි නිලධාරින් ඔවුන්ගේ රාජකාරි නිසි පරිදි සිදු කළද හැම ආයතනයකම ලොක්කො මෙම වැඩේ පඹ ගාලක පටලවා ඇති බවත්ය. කවදහරි තමා පස්වෙන භූමියට මෙතරම් හතුරුකමක් ඇයිද? යන්නත් තමන්ගේ සාරිය යටට හෝ සාක්කුවට ලැබුණු ඩොලර්වලට ඇස් ඇරී ඒවා දැක මෝහයෙන් අන්ධ වූ බවත් ප්‍රකාශ කර තිබේ.
එසේම මෙම නැව මුහුදුබත් වුණා මෙන් මේ කතාවක් මුහුදුබත් වෙලා එක්ස්ප්‍රස් පර්ල් ඉතිහාසයට පමණක් අයිති වීමට ඉඩ නොදී මේ දවස් 10 ඇතුළත අපි නඩුව දමා ගැනීමට උත්සාහ කළද බොහෝ දෙනෙකු මේ දවස් 10 පන්නගන්න බලා සිටින්නේ මේ නඩුව නොදා සිටින්නට බවත් පවසා සිටී.
එමෙන්ම මේ පිළිබඳව කතා කරන අපි වැනි අය මුන් තමා හතුරො,මුන් තමා වැරදි යැයි සිතා සමහර අය කෝටි 7500 – 8000 ක එන්තරාවාසි එවීමට කටයුතු කළ නමුත් මොවුන් එක්ස්ප්‍රස් පර්ල් වෙනුවෙන් සත 5ක එන්තරාවාසි එවා නොමැති බවට සදහන්.
එබැවින් මෙය වැළලෙන්න නොදී පරිසර සංවිධානත් සමග කතා කර යන පරිසර නඩුවේ නීතිඥවරු මේ වන්දි වාර්තාව එම නඩුවටම දාන්න අධිකරණයෙන් අවසර දෙන ලෙසට ඉල්ලා සිටින බවට අනාවරණය වේ.
එමෙන්ම මෙම නැවෙහි රසායනික ද්‍රව්‍ය නිසා නොව කැස්බෑවන් මැරුණෙ වාරකන් නිසා යැයි පැවසුවේ මුදල්වලට බවත්,ස්ලයිඩ් ඩොල්ෆින් වගේ මුහුද මැද ඉන්න සතුන්,කැස්බෑවෝ, දාර කැස්බෑවෝ රසායනික ද්‍රව්‍ය නිසා බවත් මේ සියල්ල යට ගැසීමට ඩොලර් කුට්ටි ප්‍රමාණවත් වූ බැවින්,අපි සියල්ලෝම එකතු වී මේ නැවට පාඩමක් ඉගැන්විය යුතු බවත් පවසා සිටී.
එසේම වන්දි ඉල්ලන්නෙ නැත්තන් නැව් ගිල්ලන්න අපේ මුහුද මරු කියලා හෙට අනිද්දට නැව් පෝලිමක් අපේ රටට එන්නට හැකි බවත් ප්‍රකාශ කර තිබේ.
තවද මේ භූමියේ රසායන ද්‍රව්‍ය වලට අලු වී ,දැවී,ඒ හම ලුණු වතුර වැදී දැවිල්ලත් සමග අධික වේදනාවෙන් සතුන් නගන මරණයේ විලාපයම ළගදිම දවසක නීතියෙන් දඩුවම් නොලැබූවන්ට ස්වභාවදහමෙන්ම දඩුවම් ලබා දීමට තරම් ප්‍රබල බවට ප්‍රකාශ කර සිටී.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට පහත විඩියෝව නරඹන්න.














































