පෙබරවාරි 4 වන දිනට යෙදී ඇති නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව සිදු කරනු ලබන පෙර සූදානම් හේතුවෙන් හෙට (28) , අනිද්දා (29) සහ පෙබරවාරි 1,2,3 ,යන දින පහ තුළ උදෑසන 5 සිට දහවල් 12 දක්වා විශේශ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් බස්නාහිර රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ වාර්තා කරයි.















































