හුරීගස්වැව , තලාකොළවැව ප්‍රදේශයේ පුද්ගලයෙකුට පොරවකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මරණකරු අද (14) අලුයම නිවසේ සාලයේ බිම නිදාගෙන සිටියදී මෙලෙස පොරවකින් පහර දී ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
මෙම ඝාතනයේ සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර මෙම ඝාතනයට හේතුව දුරදිග ගිය ආරවුලක පලිගැනීමක් බව සදහන්.
මරණකරු තුසිත කුමාර හේමපාල නොහොත් ” කට්ටා ” නැමැත්තෙකි.
මරණකරුද මීට දින කිහිපයකට පෙරදී ඔහුගේ පියාට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර ඔහුද මේ වන විට රෝහල් ගතව සිට නිවසට පැමිණ ඇති බව වාර්තා වේ.
අත් අඩංගුවට ගත් සැකකරු හෙට (15) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.