ඊයේ (9) දින බක්මිටියාව, කුඹුගොල්ලෑව ප්‍රදේශයේදී නිධන් සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි 6 දෙනකු අත්අඩංගුවට ගැනීමට අම්පාර STF නිලධාරීන්ට හැකිව ඇති බව වාර්තාවේ.
ඒ එම නිලධාරින් හට ලද තොරතුරකට අනුව බව සදහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා මහඔය, හසලක, මහියංගනය හා ගිරාදුරුකෝට්ටේ යන ප්‍රදේශ වල පදිංචි කරුවන් බව පැවසේ.
අද (10) දිනයේ එම සැක කරුවන් අම්පාර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත තිබේ.














































