පේරාදෙණියේ ගැබිනි මවට මරු කැදවූ බවට සැක කරන නිර්වින්දන ඖෂධය රජයේ රෝහල්වලින් ඉවතට.
දැන් මතුවන නිර්වින්දන ඖෂධ හිගය මගහරවා ගැනීමට මියන්මාරයෙන් එවූ ඖෂධයක් රජයේ රෝහල්වලට.
ඉන්දියන් ඖෂධය වෙනුවට හදුන්වා දෙන්නේ මියන්මාරයෙන් ප්‍රදානය කළ ඖෂධයන් ලංකාවේ රාසායනාගාර පරීක්ෂාවකට ලක් කර නෑ.
පේරාදෙණිය රෝහලේදී දැරූ ප්‍රසූතියේදී මිය ගිය තරුණ මවකට නිර්වින්දනය සදහා ලබා දුන් ඖෂධය වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කළ බව රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක සදහන් කරයි.
ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂවරයාගේ ලිඛිත ලියවිල්ලක් මත මෙම තීරණය ගත් බව හෙතෙම පැවසුවේය.
පසුගියදා ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දීය ඖෂධ සමාගමකින් මෙරටට ගෙන්වූ මෙම ඖෂධය රටපුරා රෝහල් වෙත බෙදා හැර ඇති බවත් මෙසේ බෙදා හැරි කාණ්ඩ තුනම මේ වන විට භාවිතයෙන් තාවකාලිකව ඉවත් කර ඇති බව වෛද්‍ය වික්‍රමනායක පැවසුවේය.
ඉන්දීය ණය ආධාර යටතේ මෙරට ගෙන්වු ඖෂධ , මෙරට තත්ත්ව පරීක්ෂාවකට ලක් කිරීමට හැකියාවක් නොමැති බැවින් එම ඖෂධයේ ලියකියවිලි හා අනෙක් රටවල භාවිතය පිළිබදව පරීක්ෂා කර මෙරට භාවිතයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සදහන් කරයි .
කෙසේ නමුත් මේ වන විට ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වා ඇති නිර්වින්දන ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීමත් සමග රෝහල්වල නිර්වින්දනය ඖෂධවල බරපතල හිගයක් මතුව ඇති බවත් එම හිගය පියවා ගැනීම සදහා මේ වන විටත් මියන්මාර් රජයෙන් අධාරයක් ලෙස ලැබී ඇති එන්නත් 40 000 ක ප්‍රමාණයක් රෝහල් වෙත බෙදා හැරි බවත් වෛද්‍ය වික්‍රමනායක පැවසුවේය.
මේ තත්ත්වය මත නිර්වින්දන ඖෂධවල හිගයක් මතුවීම වැලැක්විය නොහැකි බවද පෙන්වා දෙන අධ්‍යක්ෂවයා මියන්මාර්දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න. රජයෙන් ලැබුණු ප්‍රදානයන් ද මෙරට රසායනාගාරයන් තුළ පරීක්ෂා කිරීමකට ලක් නොකර ඇති නමුත් අදාළ ලියකියවිලි මනාව පරීක්ෂා කොට එම එන්නත් භාවිතා කරන රටවල් සම්බන්ධයෙන්ද පූර්ණ අධීක්ෂණයක් කර මේ සදහා ජාතික ඖෂධ අධිකාරිය අවසර ලබා දී ඇති බව ද හෙතෙම පැවසුවේය.