රුපියල් ලක්ෂ ගණනකින් මුදල් ඉල්ලා සිටීම සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධම්මික මුතුගල පැවසීය.
මෙලෙස මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල මේ දිනවල වීඩියෝවක් සංසරණය වන බවත් , එය පාදක කරගනිමින් අදාළ පරීක්ෂණය සදහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයිද ඔහු කීවේය.
මහනුවර කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වන ඩබ්.එම්.ජී.ටී.බී.වලිසුන්දර විසින් මෙම වීඩියෝ පටය නිකුත් කර ඇති අතර , ඔහු කියා සිටින්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස නමයේ ප්‍රදේශීය ලේකම්වරුන්ට බස්නායක නිලමේවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්දය ප්‍රකාශ කිරීමේ බලය පැවරී තිබෙන බවත් , ඡන්දය ප්‍රකාශ කිරීම සදහා එක් අයෙකු රුපියල් ලක්ෂ හතළිහක පමණ මුදලක් ඉල්ලා සිටින බවත් ය.දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු පස් දෙනෙකු මෙලෙස මුදල් ඉල්ලා සිටින බවද ඔහු චෝදනා කර සිටී.
මෙම ප්‍රාදේශීය ලේකම්වරුන් මේ වනවිට රුපියල් කෝටි ගණනකින් මෙලෙස අල්ලස් මුදල් ලබාගෙන ඇතැයිද අදාළ වීඩියෝ පටයේ දැක්වේ.
මෙම වීඩියෝ පටයේ අඩංගු කරුණු සම්බන්ධයෙන් මේ වන විට දැඩි ලෙස සොයා බලන බවද අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා කීවේය.
මේ අතර , මෙලෙස ප්‍රාදේශීය ලේකම්වරු මුදල් ලබා ගැනීම සම්බන්ධව මල්වතු සහ අස්ගිරි නාහිමිවරුන්ද ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇතැයිද තොරතුරු අනාවරණය වේ.
( අරුණ )















































