English
සිංහල
19:26 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලිස් ලොක්කෝ කිහිප දෙනෙකුයි නීතිපති දෙපාර්තමේන්තුවයි  අධිකරණයට අපහාස කරයි – ශ්‍රේෂ්ඨාධිකරණය නොමග යැවීමටත් සැලසුම් කරයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පොලිස් නිලධාරීන්ට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට නම් සමාජය ද නිවැරදි විය යුතුය. සමාජය නිවැරදි නොවන්නේ නම් පොලිසියට තම රාජකාරිය කිරීමට නොහැකි වනු ඇත. දේශපාලන මෙන්ම විවිධ ව්‍යාපාරිකයන්ද, රාජ්‍ය නිලධාරින්ද දශක කිහිපයක් තිස්සෙම සිදු කලේ සමාජය විනාශ කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම පමණි. ඒ හැර රටක් ලෙස ජාතියක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය ස්ථීර ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමක් දක්නට නොහැකි විය.

    විවිධ අපචාර සහ ඒවාට අනුබල දෙන පුද්ගලයන් ආරක්ෂා කිරීම වෙනුවෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ නම්, අනෙකුත් රාජ්‍ය ආයතන කටයුතු කරන්නේ නම්, ඔවුන්ම නීතිය නමා නිවැරදි බවට තහවුරු කර තිබෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව ඔවුන්ම කටයුතු කරන්නේ නම්, එයින් තහවුරු වන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ ද බහුතරයක් කටයුතු කරන්නේද, අන්ත දූෂිත දේශපාලඥයන් ලෙසින් බවයි. ඉතා දීර්ඝ ලිපියක් වන මෙම ලිපිය අප කොටස් තුනකින් ඉදිරිපත්කිරීමට කටයුතු කර තිබේ. මේ එහි පළමු ජනගත කිරීමයි.

    අපරාධකාරියක් බේරා ගැනීමට පොලිස් පරීක්ෂකගේ බෙල්ලෙන් ඇල්ලු නොහික්මුණු නීති ශිෂ්‍යා

    පෑලියගොඩ කොඨිඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් මත රුපියල් දාහත්ලක්ෂ හතලිස් පන්දහසක මුදලක් අනතර්ජාලය මගින් වංචා කිරිමේ සිද්ධියක් මත සිදුකරන ලද පරීක්ෂණයකට අදාළව අත් අඩංගුවට ගෙන තිබු ධානපතින් සමග ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුනේ 2021 02 22 ය. එම කාන්තාවන් දෙදෙනා මුදවාගැනීම සදහා නීතිවේදියෙකු ලෙසින් පෙනී සිටිමින් පෑලියගොඩ පොලීසිය වෙත පැමිණ තිබු නීති ශිෂ්‍යකු වන ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුතෙකු වන මිඟාර ගුණරත්න මහතා පොලීසිය සමග ආරවුලක් ඇතිකරගනිමින් සිදු වූ සිදු වීම එකල පොලිසියට විරුද්ධව ගිය විශේෂ පුවතක් වූ අතර පත්තරවල ප්‍රධාන පුවත් සිරස්තල යටතේ පොලිස් දෙපාර්තමේන්තුවට දැඩි අපකීර්තියක් ගෙන දීමට සමත් වුවත් මෙම සිද්ධියේ සැබෑ තත්වය ජනතාව වෙතට ගෙන ඒමට එකල මාධ්‍ය හරහා සිදු නොවුනි.

    පොලිසියට ලැබුණු තොරතුරු ඔස්සේ සිදුකල එම මුදල් වංචා කිරීමේ සිද්ධිය සෙවීමට කටයුතු කර තිබුනේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස් මහතා යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා ඇතුළු පොලිස් කණඩායමක් විසිනි. එම පරීක්ෂණ වල ප්‍රතිපලයක් ලෙස 2021 03 23 වැනි දින නයිජීරියානු ජාතිකයන් 4 දෙනෙකු සහ ශ්‍රී ලංකික කාන්තාවක් සහ ශ්‍රී ලාංකික පිරිමි පුගලයෙකු අත් අඩංගුවට ගෙන තිබුණි. එහිදී හෙරොයින් ග්‍රෑම් 25ක් , ඩොලර් මුද්‍රණය කරන කොළ බන්ඩල් 15 කට වඩා වැඩි ප්‍රමාණයක් ද අත් අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව එම පුද්ගලයන්ට හෙරොයින් ජාවාරම, අනත්රජාලය මගින් මුදල් වංචා කිරීම, ව්‍යාජ ඩොලර් මුද්‍රණය කිරීම සහ කාන්තාවන් තිදෙනාට ධනවතුන් සමග ගණිකා වෘත්තියේ යෙදීම ආදී චෝදනා එල්ල කර තිබේ.

    වැඩි දුර පරීක්ෂණ සදහා රැදවුම් නියෝග මත වැඩි දුරටත් පරීක්ෂණ පවත්වමින් සිටියදී 2021 02 25 වැනි දින ජාවාරම්වලට සම්බන්ධ ධනවත් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු සමග ජාවාරම්වලින් උපයාගත් බවට සැක පිට රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම විමර්ශනය කෙරෙන අතරතුර 2021 02 25 වැනි දින රාත්‍රී 08.30 ට පමණ නීතීඥයෙකු බව පවසමින් නීති ශිෂ්‍යකු වන මිඟාර ගුණරත්න නමැති තරුණයා පෑලියගොඩ පොලිස් විශේෂ වංචා විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබේ. ඒ අප ඉහතින් සඳහන් කල ගණිකා වෘත්තියේ යෙදී සිටින බවට සහ වෙනත් වංචා දූෂණ මෙන්ම හරෝයින් ජාවාරම සිදු කිරීම ඇතුළු චෝදනා මත අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි කාන්තාවන් බැලීමටයි. අහාර පාන මෙන්ම වෙනත් අවශ්‍ය ද්‍රව්‍යද රැගෙන පැමිණ තිබෙන බවද සදහන් වේ. ඒ වන විට සැකකාරියන් රඳවා තිබී ඇත්තේ පෑලියගොඩ පොලිසියේ තුන් වැනි සිර මැදිරියේ වේ. නීතිවේදියෙකු ලෙස පෙනී සිට තිබෙන මිඟාර ගුණරත්න මහතා පොලිසියේ අවසරය මත එම එම කාන්තාවන් හමු වී තිබේ.

    මිඟාර ගුණරත්න මහතා තම ජංගම දුරකතනයෙන් එහි අත් අඩංගුවේ සිටි ප්‍රතිභා දිල් රූ නැමති  කාන්තාවකට දුරකථන ඇමතුමක් ලබා දීමට උත්සාහ කිරීම නිසා එහි රාජකාරිය භාරව සිටි උප පොලිස් පරික්ෂකවරයා සමග ඇති වූ බහින් බස් වීමක් දුරගොස් තිබෙන අතර,  එම ශබ්දය නිසා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා    ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු එම ස්ථානයට පැමිණෙන විට සිවිල් පුද්ගලයෙකු විසින් නිල ඇදුමෙන් සිටි උප පොලිස් පරීක්ෂකවරයාගේ බෙල්ලෙන් අල්ලාගෙන තල්ලු කරන අකාරයක් දර්ශනය වී  තිබේ. ඉන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ  ප්‍රධාන පොලිස් පරික්ෂක ලින්ටන් ද සිල්වා මහතා පැමිණ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායම උප පොලිස් පරික්ෂකවරයා අදාළ තරුණයාගෙන් බේරා ගැනීමට කටයුතු කර තිබේ. එහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාටද ඔහු තර්ජනය කර තිබේ. එහිදී මිඟාර ගුණරත්න නමැති තරුණයාගේ මුහුණේ වම් පසට සුළු තුවාල සිදුව තිබේ. ඉන් පසුව අදාළ තරුණයා වන මිඟාර ගුණරත්නට විරුද්දව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර රාජකාරියට බාධා කිරීම, රාජ්‍ය නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම, ජංගම දුරකථනය තුල අසභ්‍ය චායාරූප තබා ගැනීම, යන චෝදනා යටතේ අධිකරනයට ඉදිරිපත් කර තිබේ. ඊට පෙර ඔහුව අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර තිබේ. එහිදී එම තාරුණයා නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබේ. 2021 02 25 වන රාත්‍රියේම ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කර තිබෙන අතර අධිකරණ වෛද්‍යවරයාගෙන් ඔවුන් ඉල්ලා තිබෙන්නේ ඔහුට නේවාසිකව ප්‍රතිකාරලබා ගැනීමට අවශ්‍ය බවයි. ඒ අනුව සැකකාර තරුණයා පොලිස් ආරක්ෂාව මැද රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබේ.

    මිඟාර ගුණරත්න අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ජනාධිපති නීතිඥවරුන් 6 දෙනෙකු පෙනී සිටී

    රාජකාරියට බාධා කිරීම, රාජ්‍ය නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම, ජංගම දුරකථනය තුල අසභ්‍ය චායාරූප තබා ගැනීම, යන චෝදනා යටතේ අධිකරනයට ඉදිරිපත් කෙරුණු ජනාධිපති නීතිඥ ගුණරත්නගේ පුත් මිඟාර ගුණරත්න මහතා වෙනුවෙන් ජානාධිපති නීතිඥවරුන් 6 දෙනෙකු පමණ සමග නීතිවේදීන් විශාල ප්‍රමාණයක් අධිකරණය ඉදිරියේ පෙනී සිට තිබේ. එහිදී ඔවුන් මේ සිද්ධිය පෑලියගොඩ පොලිසිය පක්ෂග්‍රාහී ලෙස විමර්ශනය කර තිබෙන බව පැවසීම නිසා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 05 මගින් පොලිස්පතිවරයාට යොමු කර තිබෙන්නේ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි. ඒ අවස්තාව වනවිට මිඟාර ගුණරත්න මහතා රාගම රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර සදහා නේවාසිකව සිට තිබේ. අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 05 අධිකරණය මගින් වත්තල මහේස්ත්‍රාත් වෙත නියෝගයක් යොමු කරමින් චූදිත තරුණයා පරික්ෂාකර බැලීම සදහා උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව වත්තල මහේස්ත්‍රාත් විසින් ඔහුව ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබේ.  මිඟාර ගුණරත්න නම් වූ නීති සිසුවා පෑලියගොඩ පොලිස් ස්ථානයට නොගියේ නම් මෙවැනි සිද්ධියක් සිදු නොවන නමුත් ඕනෑම අපරාධකරුවෙකු බේරාගැනීම නොහොත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිම නීති අචාරධර්ම වලට අනුව නීතියානුකූල වේ.

    අධිවේගී ලෙස පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරයි.

    රස්තියාදුකාර කොල්ලෙක් නොහොත් නොහික්මුනු තරුණයෙකු පෑලියගොඩ පොලිස් ස්ථානයේදී නිල ඇදුමෙන් සැරසී සිටි රාජකාරී බාර පොලිස් නිලධාරියාට රාජකාරියට බාධා කරමින් ඔහුගේ බෙල්ලෙන් අල්ලා පහරදීම හේතුවෙන් ඒ පිලිබඳව පොලිස්පතිට ලැබුණු නියෝගය මත පරීක්ෂණ සිදු කිරීමට පොලිස් විශේෂ අපරාධ කොඨිඨාශයට (CCD) නියෝග කර තිබේ. ඒ අතරතුර තරුණයාගේ පියා වන ජානාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබෙන අතර එම පැමිණිල්ල විභාග කිරීම සදහා පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ පරීක්ෂණ ඒකකය (SIU) වෙත යොමු කර තිබේ.   අප සතුව තිබෙන වාර්තා වලට අනුව මිඟාර ගුණරත්න මහතා පෑලියගොඩ පොලිසියට පැමිණෙන්නේ 2021 02 25 දින රාත්‍රී 08.30 ට පමණයි. ඔහුට විරුද්ධව අධිකරණයට කරුණු වාර්තා කරන්නේ 2021 02 26 වැනි දිනයි.

    පොලිස්පති සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා විසින් අධිවේගයෙන් ක්‍රියාත්මක වෙමින් එදිනම 2021 02 06 වැනි දින දහවල් 02.00 පමණ වෙද්දී ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා සමග තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. මේ පරීක්ෂණය  ක්‍රියාත්මක වී තිබෙන්නේ අධිවේගයෙනි.

    අපරාධ කල්ලියේ සාක්ෂි මත පමණක් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීම.

    පොලිස්පතිගේ පරීක්ෂණ අංශය නොහොත් (SIU) මගින් අධිවේගී පරීක්ෂණයක් සිදුකරමින් එදිනම නොහොත් 2021 02 26 වැනි දින 02.00 පමණ වන විට වැඩ තහනම් කරන්නේ කිසිදු නීත්‍යානුකූල සාක්ෂියක් මත පදනම්ව නොවන බව අප සතුව තිබෙන සහතික සත්‍ය ලේඛණ මත අපට අනාවරණය වන අතර මුල් අපරාධයට නොහොත් මිඟාර ගුණරත්න මහතා සමග සමීප සබඳකම් තිබෙන අපරාධ කල්ලියේ සාක්ෂි මත පමණක් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර තිබේ. නමුත් මෙහිදී වෙනත් වැරදි සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවේ සිටි සැකකරුවන් තිදෙනෙකු විසින් සාක්ෂි ලබා දෙමින් පහර දීමක් සිදු නොවුණු  බවත් පොර බැදීමක් පමණක් සිදු වූ බවත් කියා තිබේ. තවත් සැකකරුවන් සිද්ධිය නොදුටු බවද ප්‍රකාශ කර තිබේ. SIU වැනි පොලිස් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ කටයුතු කරන ස්ථානයක සිටිනා පුද්ගලයන් නීතිය නොදන්නේ යයි සිතිය නොහැකිය. නීතියට අනුව ප්‍රභලව තිබෙන්නේ ස්වාදීන සාක්ෂි වේ. ඒ අනුව මෙම පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කල නොහැක. නමුත් පොලිස් දෙපාර්තමේන්තුවම පොලිස් නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

    කොළඹ අපරාධ කොඨිඨාශය (CCD) විසින් විශේෂ පරීක්ෂණ ඒකකය (SIU) නිරුවත් කරයි.

    ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස නියෝග කල අධිකරණ නියෝග මත ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා එම පරීක්ෂණය සිදු කිරීම සදහා කොළඹ අපරාධ කොඨිඨාශය (CCD)  වෙත අදාළ නියෝගය ලබා දී තිබේ. ඒ අනුව විශේෂ ස්වාධින පරීක්ෂණයක් සිදු කරමින්, පොලිස් විශේෂ පරීක්ෂණ කණ්ඩායම් (SOCO) මෙන්ම අනෙකුත් නිලධාරින් යොදා ගනිමින් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කර තිබේ. එහිදී අප ඉහතින් සදහන් කල ස්වාධීන සාක්ෂි සැලකිල්ලට නොගෙන ඔවුන්ගේ වැඩ තහනම් කිරීමද වැරදි බවට නිගමණය කර තිබේ. ඊට අමතරව ජනාධිපති නීතීඥවරයාගේ පුතා නොහොත් “ පොලිසියට පැමිණි නොහික්මුණු තරුණයා “ වෙනුවෙන් ප්‍රකාශ ලබා දී තිබෙන ඔහුට හිතවත් අපරාධ කල්ලිය රඳවා සිටි ස්ථානයට උප පොලිස් පරීක්ෂකවරයාගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කරන ලද ස්ථානය නොපෙනෙන බවද සටහන් කර තිබේ. ඒ අනුව අදාල අපරාධ කල්ලියේ බොරු ප්‍රකාශ මත පදනම්ව අදාළ පොලිස් නිලධාරින් හතර දෙනාගේ වැඩ තහනම් කර තිබෙන බවද අදාළ වාර්තා වල සදහන් වේ.

    ඒ අනුව පොලිස්පතිගේ පරීක්ෂණය නොහොත් (SIU) පරීක්ෂණයේ  නිරුවත හෙළිකිරීමට අධිකරණ නියෝග මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම සමත්ව තිබේ. ඔවුන් එය තර්කානුකූලව පෙන්වා දී තිබේ.

    වාර්තා වලට අනුව නිගමනය කල හැකි වූ තොරතුරු

     අපරාධ කල්ලියේ සමීප හිතවතෙකු වූ අසරණ තරුණයා නොහොත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුතුට පොලිස් නිලධාරීන් 12 දෙනෙකු පහර දී තිබේ. මේ වාර්තා කියවන අපට අනුව 12 දෙනෙකුගෙන් ගුටි කෑ ඔහු පසුදිනම රෝහලෙන් නික්ම ගොස් තිබේ. එසේම වෛද්‍ය වාර්තාවට  අනුව මෙන්ම ස්වාධීන සාක්ෂි වලට අනුව ඔහුට කිසිවෙකුත් පහර දී නැත. ඔහුව පරික්ෂා කිරීම සඳහා වත්තල මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් පරික්ෂා කරද්දී ඔහුගේ නිරික්ෂණයේදී 12 දෙනෙකුගෙන් පහරකෑමට ලක් තාරුණයාගේ සුළු සීරීම් තුවාල දෙකක් පමණක් තිබෙන බව සඳහන් කර තිබේ. මුහුනේද සුළු තුවලා තිබන බවද සඳහන්ව තිබේ.

    හොඳම ටික දෙවෙනි කොටසින් බලාපොරොත්තු වන්න

    නීතිපති අධිකරණයට අපහාස කිරීම සහ සමහර නිලධාරීන්ගේ කාන්තා යට ඇදුම් ඇදීම , නීතිවේදීන්ගේ තක්කඩි වැඩ —  ඉක්මනින් බලාපොරොත්තුවන්න.

    (විශේෂ ලියුම්කරුවෙකු විසින් සත්‍ය ලේඛණ මත සකසා, ලේඛනද සමග අප වෙත යොමු කර තිබෙන විමර්ශනාත්මක ලිපියකි )

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version