නීති විරෝධීව මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝග්‍රෑම් 1,064ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු නාවික හමුදා සෙබලුන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ දිනයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකින් නොරොච්චෝලේ වෙරළ තීරයේ ධීවර වාඩියක සඟවා තිබූ මෙම වියළි කහ තොගය නාවික හමුදාව විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 22 හැවිරිදි නොරොච්චෝලේ නාරක්කල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස වාර්තා වේ.
ඉදිරි විමර්ශන කටයුතු සඳහා මලු 32ක සඟවා තිබූ මෙම කහ තොගය සහ සැකකරු නොරොච්චෝලේ පොලිසියට භාරදීමට නියමිතව ඇත.















































