නීති විරෝදී ගිනි අවි පොලීසිය වෙත භාර දෙන්න.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ නීති විරෝදී ගිනි අවි ලග තබාගෙන සිටින්නේ නම් ඒවා පොලීසිය වෙත භාර දෙන ලෙසයි.

ආරක්ෂක අමාත්‍යංශය දන්වා ඇත්තේ ඒ සදහා  මාර්තු මස 15 වන දින දක්වා සහන කාලයක් ක්‍රියාත්මක බවයි.

එසේ ක්‍රියා කරන අය හට කිසිදු ආකාරයක දඩුවමක් හෝ දඩ මුදලක් ලබා දීමට කටයුතු නොකරන බව නිවේදනයේ සදහන් වේ.  

Exit mobile version