T56 ස්වයංක්‍රීය ගිනි අවියක් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇඹිලිපිටිය -වල්ලුනුමඩ ප්‍රදේශයේ දී පසුගිය 06 වනදා මෙම වැටලීම සිදු කර ඇත්තේ උඩවලව කඳවුරට සහ අම්බලන්තොට කඳවුරුවල නිලධාරීන් ලද බුද්ධි තොරතුරකට අනුවය.
අදාළ සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් පනාමුර ප්‍රධාන මාර්ගයේ වල්ලුනුමඩ ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී ක්ෂණික මාර්ග බාධකයක් යොදා පරීක්ෂා කිරීම තුළින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී ඔවුන් සතුව තිබී T56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක්, සහ ජීව උණ්ඩ 08 පුරවන පතුරම් ගැබක් හා හෙරෝයින් ග්‍රෑම් 10ක් සහ වාහන අංක තහඩු දෙකක් ද සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් වයස අවුරුදු 32 සහ 38 වියෙහි පසුවන ඇඹිලිපිටිය ප්‍රදේශයේ සහ අටකලම්පන්න, පින්නගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.
ඇඹිලිපිටිය පොලිසිය සඳහන් කළේ අදාළ ගිනි අවිය පසුගිය කාලය තුළ මිද්දෙනිය ප්‍රදේශයේ සිදුකරන ලද වෙඩි තැබීම් සඳහා කුලී පදනම මත ලබා දුන්නේ දැයි සැක සහිත බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බවත් ය.