ඊයේ (17) ජාඇල ප්‍රදේශයේදී නීති විරෝධී දුම්වැටි 2000 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ජාඇල පොලිසිය හා නාවික හමුදාව එක්ව නාවික හමුදාවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර ජාඇල ගම්පහ මාර්ගයේදී සැකකරු දුම්වැටි සමග අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 21 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි තරුණයකු වන අතර සැකකරු හා දුම්වැටි තොගය ජාඇල පොලිසිය වෙත භාර දී තිබේ.














































