අද (16) පස්වරුවේ නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබී නාදුනන පුද්ගලයකුගේ මළසිරුරක් හමු වී ඇති බව වාර්තාවේ.
මෙම මළසිරුර බදුල්ල නුවරඑළිය මාර්ගයේ නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාලම ආසන්නයේ තිබි සොයා ගත් බවයි වාර්තා වන්නේ.
මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන වග තවමත් හදුනාගෙන නොමැති බවයි සදහන් වන්නේ.
පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සදහන් වේ.














































