English
සිංහල
05:34 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    නූගත් ශ්‍රී ලාංකිකයන් නොදුටු සංවර්ධනයේ අදුරු පැතිකඩ. (වීඩියෝ)

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ප්‍රජාවක් යනු මිනිසුන්ය. ඔබගේ අවශ්‍යතා වෙනුවෙන් හෝ වෙනත් අයගේ වුවමනාවන් හදුනා ගැනීම සදහා ප්‍රජාවේ එක් එක් අය සමග කතා කල හැකිය. එසේම ප්‍රජාවක් යනු පොදු දෙයක් බෙදා ගන්නා කොටසකි. ප්‍රජාවේ සිටින එක් එක් පුද්ගලයන් සමග කතා කිරීමට හැකියාවක් නැති නමුත් සියල්ලෝටම එක් වර කතා කිරීමට හැකිය.

    වර්තමාන ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ ප්‍රධානතම ඇදහිල්ල වන්නේ දේශපාලනයයි. දේශපාලනය වන්දනා කරන ඔවුන්ගේ වීරයන් , නායකයන් සහ පූජකයන් වන්නේද එම දේශපාලන නායකයන් වේ. තමන්ගේ ආගමික නායකයන් උගන්වා තිබෙන බොහෝ දේ වෙනුවට තම දේශපාලන  නායකයන් පතුරුවන දූෂණය, වංචාව සහ බොරුවේ අනුගාමිකයන් වන්නේ ඡන්ද දායකයාය.  මේ චන්ද දායකයන්ගෙන් බහුතරයක් ඉල්ලන්නේ පාරවල්, ගොඩනැගිලි, රැකියා ආදී භෞතික දේ පමණි. කිසම දිනක ඔවුන්ගේ කායික සහ මානසිකව විදින වේදනා සදහා ප්‍රතිකාර ලබාදෙන ලෙස හෝ තම මව් බිමේ ආරක්ෂාව හෝ තම ආගම අරක්ෂාව ඉල්ලා සිටින්නේ නැත.

    ප්‍රජාවක් තුල විවිද හවුල්, ගුණාංග, විවිද ශක්තීන් , විවිධ හැකියාවන් සිටින මිනිසුන් සිටිති. එසේම ප්‍රජාවෙන් ප්‍රජාවට ගුණාංග සහ ශක්තීන් විවිදයි. අප ශ්‍රී ලංකාවක් ලෙස ගත් විට විවිද ප්‍රජාවන් ගනණාවක් සිටිති. ආගමික වශයෙන් ගත් විට බෞද්ධ, ඉස්ලාම්, හින්දු කතෝලික වශයෙන්ද, ජාතීන් ලෙස ගත් විට සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර්, මැලේ ලෙස ප්‍රධාන ජාතීන්ද දැක ගත හැකිය. එසේම විවිධ රටවල් වලින් ශ්‍රමිකයන් ලෙස සංක්‍රමණය වූ ජපන්, චීන, ඉන්දීය, පකිස්තාන් ආදී ලෙස විවිධ ජාතීන් දැක ගත හැකිය. ජාතීන් ලෙස සහ ආගමිකයන් ලෙස ගත් විට මෙම ප්‍රජාවන් තුල විවිද වෙනස් කම් දැකිය හැකිය. ජාතීන් ලෙස සහ ආගමික ලබ්දිකයන් ලෙස ගත් විට ඒවායෙහි විවිද සංස්කෘතික ලක්ෂණ දැකිය හැකිය. එසේම දේශපාලනිකව ගත් විට වෙනත් රටවල් වලට වඩා දූෂිත අදහස්වලින් පිරුණු දේශපාලන පක්ෂ සමග බැදී ඒ මග යන ප්‍රජාවන් බහුල වශයෙන් දැක ගත හැකිය.

    උදාහරණයක් ලෙස දමිල ජාතිකයන් ගත් විට ඔවුන් ජාතියක් ලෙස එකම සංස්කෘතියක් ඇති ප්‍රජාවකි. එහෙත් ආගමික ප්‍රජාවක් ලෙස ගත් හින්දු , බෞද්ධ සහ කතෝලික  ලෙස ආගමික ප්‍රජාවන් තුනක්ම දමිල ජාතිකයන් තුලින් දැකිය හැකිය.

    වෙනත් රටවල් තුල මෙන්ම ශ්‍රී ලංකික  ප්‍රජාව තුල ද  විවිධ අනන්‍යතාවයන් දැක ගත හැකිය. ඒවා විවිධය. වර්ගය, ආගම, හිතවත්කම, ආදිය තුලින්ද විවිද ප්‍රජාවන් දැක ගත හැකිය. විවිද නැටුම් කණ්ඩායම්, ක්‍රීඩා කණ්ඩායම්, හමුදාවන් ලෙසද ගත් විට ඒවා ද  විවිද ප්‍රජාවන්ය. ඒවායේ ඇතුලතින් ගත් විට විවිද තනතුරු නිළ නාම ලෙසද ප්‍රජාවන් වෙන් කර ගත හැකිය. එසේම ශ්‍රී ලාංකික ලෙස ගත් විට අප සියල්ලෝම එකම ශ්‍රී ලාංකික ප්‍රජාවකි.

    ශක්තිමත් ප්‍රජාවක් තුල එහි සාමාජිකයන් අතර සහයෝගීත්වයක් ඇති කරයි. ශක්තිමත්  නිශ්චිත සමාජ සම්මතයන් ඉදිරියට ගෙන යයි. ඒවායෙහි හදුනාගත හැකි නායකයන් සිටිති. දුර්වල ප්‍රජාවන් විසිරි ගොස් ඇත. නායකයා යනු කවුරුන්දැයි සොයාගත නොහැකි ලෙස දුර්වල ප්‍රජාවන් විසිරි ගොස් ඇත. එහෙත් දුර්වල වුවත් නැතත් ප්‍රජාවන් පවතී.  මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රජාවන් සෑම අතකින්ම දුර්වල වෙමින් පවතී. දේශපාලන ප්‍රජාවන් පවා දුර්වල වෙමින් පැවතුනද, එම ප්‍රජාවන් තුල සිටින නායකයන් ඔවුන්ගේ පෞද්ගලික තත්වයන් හොද පැත්තකින් හෝ නරක පැත්තකින් දියුණු කරගෙන තිබේ. වුවද ඔවුන් රටක නායකයන් ලෙස අසාර්ථක නායකයන්ය.

    කෙසේ වුවද ශ්‍රී ලාංකික ප්‍රජාව සෑම අතකින්ම දුර්වල වී තිබේ. ශ්‍රී ලාංකික ප්‍රජාවේ දුර්වලත්වය හේතුවෙන් විවිද ප්‍රශ්න ගැටළු රාශියකට මුහුණ දෙමින් සිටිති. ශ්‍රී ලාංකික ප්‍රජාව මෙතරම් දුර්වල වීමට ප්‍රධානම හේතුව නම් රාජ්‍ය පාලනය සදහා නිසි නායකයන් සොයා ගැනීමට ප්‍රජාව අසමත් වීම. එසේ අසමත්වීමේ ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලාංකික ආර්ථිකයත්, දේශපාලනයත්, සමාජයත්, පරිසරයත් විනාශ වෙමින් පවතී.

    ඒ හේතුවෙන් සමස්ත පරිපාලනය තුලද විවිද උප සංස්කෘතීන් සමග සමාජය විනාශ කරන සමාජය තුල විවිධ ගැටළු ඇතිකරන කල්ලි බිහි වී තිබේ. එසේ විවිද කල්ලි බිහිව තිබෙන්නේ පරිපාලනයේ දුර්වලතා සහ ශ්‍රී ලාංකික ප්‍රජාවක් ලෙස දැක්මක් නොමැති නිසාය. ශ්‍රී ලාංකික ප්‍රජාවක් ලෙස මෙන්ම තම තමන්ට පුද්ගලිකවද ලෝකය පිළිගත් ඉදිරිගමනක් යාමට අවශ්‍ය දැක්මක් නැති අතර ඒ දැක්ම ස්ථාපනය කර නැත.

    ශ්‍රී ලාංකික ප්‍රජාව කෙතරම් දුර්වලද යත්, කිසිදු රජයකට ඉදිරියට යාමට නොහැකි වී ඇත. විවිද කල්ලි සහ කණ්ඩායම් එකතුව විවිධ අයුරින් ජනතාවට පීඩා කරවමින් රජයන් අප්‍රසන්නතාවයට ලක් කරයි. විවිධ වෘත්තීය සමිති එක් එක්වද, විවිද වෘත්තීකයන් තනි තනිවද තම බලය භාවිතා කරමින්ද මෙසේ විවිධ ප්‍රජාවන් විසින් තවත් ප්‍රජාවන් පීඩාවට පත්කරමින් සිටිති. එවිට පීඩාවට පත්වන පුද්ගලයන්  කණ්ඩායම් ලෙස එක්ව විවිද අයුරින් නව ප්‍රජා කණ්ඩායම් බිහිකර ගනිමින් සිටිති. එවිට ප්‍රබල කණ්ඩායම් වලට එරෙහිව තවත් ප්‍රබල සහ ප්‍රබල නොවන  කණ්ඩායම් බිහි වෙමින් පාලනය අවුල් වියවුල් කරමින් සිටින්නේ අවුරුදු ගණනාවක සිටයි. ආගමික ප්‍රතිපත්තියට පයින් ගසා තම ආත්මාර්ථකාමී ඉලක්කයන් කරා වේගයෙන් දිව යන ප්‍රජාවන් හෝ එහි කොටස් මහජන සාමයට සිදු කරන්නේ බරපතල හානියකි.

    පොලිසිය, හමුදාව, බුද්ධි අංශ, වෛද්‍යවරු, නීතිඥ, ව්‍යාපාරික, විනිශ්චයකරුවන්,පාරිසරික ආයතන, ආගමික ආයතන, ගොවි – කම්කරුවන්, දේශපාලකයන්, රියදුරන්, නළු නිලියන්, ගායකයන්  ආදී සියලු ප්‍රජාවන් දූෂිත සහ විකෘති වී ඇත්තේ එකම රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය දර්ශනයක් නොමැතිකම සහ රටට ආදරය නොකිරීම සහ තමන්ගේ හෙට දවසවත් හිතන්නට තරම් දැක්මක් නොමැතිකම නිසාය. සමහර වෘත්තීකයන් කෙතරම් නූගත්ද යත් සමාජයෙන් හෝ මිනිසුන්ගේ හෝ රටේ විනාශයෙන් ඔවුන්ට පලක් නැත. ඔවුන්ට වැටුප් ගෙවන මහජනතාවද ඔවුන්ට වැඩකට නැති උන්ය.

    ඒ අතරම ශ්‍රී ලාංකික ඉතිහාසය විනාශ කරන තවත් කණ්ඩායම් සහ ප්‍රජාවන්ද, නීති විරෝදී ක්‍රියාවන් සිදු කිරීමටත් ඒවායින් ඔවුන්ව බේරා ගැනීමටත් අවශ්‍ය තවත් කණ්ඩායම් ද , ඇතුළුව විවිධ මාෆියා කල්ලිද ප්‍රජාවන් සේ ක්‍රියාත්මක වෙමින් සිටිති. ඒ අතර අල්ලස් ලබා දී හෝ තම අවශ්‍යතා ටූ කරගැනීමට ඔවුන් පෙළඹී සිටින අතර අල්ලස් හෝ සන්තෝසම් මුදලක් ලබා නොදෙන අයට තම රාජකාරිය හෝ යුතුකම ඉටු කර නොදී සිටින පුද්ගලයන් සහ කල්ලි සහ කණ්ඩායම්ද සිටිති. ඔවුන් බොහෝ විට නීතිවිරෝදී මංකොල්ලකරුවන් වැනිය. රට තුල තිබෙන දේශීය දේ පවා අගය නොකරන තරමට ශ්‍රී ලාංකිකයන් පරගැති වහලුන් වී තිබේ. මේ තත්වයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීමට නම් මේ සියලු මාෆියා කල්ලි වලට එරෙහි වීමෙන් පලක් නැත. ඒ සදහා කල යුත්තේ විදිමත් ලෙස ජනතාවගේ කායික සහ මානසික ශක්තීන් ප්‍රවර්ධනය කරමින් පෞරුෂත්වයෙන් පිරි පරපුරක් නිර්මාණය කිරීමේ කටයුත්ත සිදු කිරීමයි. ඒ සදහාද උගතුන් ශ්‍රී ලංකාවේ සිටින්නේ ද අතලොස්සකි.

    මේ වන විට ශ්‍රී ලංකාවක් ලෙස ගත් විට,  ඔබත් මාත් දැක්මක් නැති විසිරි ගිය ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන්ය. එයට හේතු ලෙස දේශපාලනමය, වෘත්තීමය, ආර්ථිකමය, සමාජමය සහ පාරිසරික වශයෙන් පිළිගත් කිසිදු සිද්ධාන්තයක් මානව හිතවාදී පැවැත්මක් සදහා ස්ථාපනය කිරීමට අපොහොසත් වීමයි. උදාහරණයක් ලෙස, වෛද්‍යවරුන්ගේ විද්‍යාත්මක දැක්ම ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු නොදනී. ඔවුන් වෙලදුන්ය. ගුරුවරුන්ගෙන් බහුතරයද එසේමය. ඔවුන්ද වෙලදුන්ය. පූජක පක්ෂයද එසේමය. ඒ ආදී ලෙස ගත විට සියලුම රාජ්‍ය නිලදාරීන් තමන්ගේ වගකීමෙන් බැහැරව කටයුතු කරති. එබැවින් ඔබගේ පක්ෂය , ආගම, කුලය, ජාතිය, වෘත්තිය, තරාතිරම, ඔබට ඇති බලය ආදී කුමක් වුවද ඔබ සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස විසිරි ගිය දුර්වල ප්‍රජාවක් සහිත රාජ්‍යක උරුමක්කරුවන් බව අමතක නොකරන්න. එබැවින් තම යුතුකම නිසි ලෙස මාතෘ භූමියේ සුරක්ෂිභාවයත් , අනාගත පරපුරට සුපසන් දේශයක් ගොඩනැගීමත් වෙනුවෙන් මේ සියලු බෙදීම් පසෙක ලා අනාගත පරපුර වෙනුවෙන් පෙළගැසිය යුතුව ඇත.  ඔබට ශ්‍රී ලංකාවක් අවශ්‍යද?. නිදහස් නිවහල් දේශයක් අවශ්‍යද?. ඔබේ දරු පැටවුන් වෙනුවෙන් ලෝකයක් අවශ්‍ය බව ඔබ සිතන්නේද?.  එසේනම් ඔබ ප්‍රථමව ඔබේ දේශපාලන බැමි ලිහා දමන්න.

    Tags: අධ්‍යාපනඋසස් අධ්‍යාපනයවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    පාසල්

    8 වන ශ්‍රේණියට අලුත් වෙනසක් .

    මාර්තු 13, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    පැය 24 න් 18 ක්ම මම වැඩ – සුසිල් දෙමාපියන්ට කියයි (වීඩියෝ)

    පෙබරවාරි 22, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version