මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද (31) සිට වසා දැමීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .
විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් මෙලෙස වසා දමන ලෙස නෝර්වේ රජය පසුගියදා තීරණය කර තිබුණි .
ඒ අනුව අද සිට කොළඹ පිහිටි මෙරට නෝර්වේ තානාපති කාර්යාලයේ රාජකාරී කටයුතු අත්හිටුවීමට නියමිත අතර
ඉන්පසුව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ද්විපාර්ශ්වික සබඳතා සඳහා අවශ්‍ය කටයුතු ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය මගින් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ .














































