පසුගියදා පනාගොඩ යුධ හමුදා කදවුරේ පිටිපන මුර කුටියේ සේවය කල සෙබළෙකුගේ ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ එකසිය විස්සක් සොරා ගත් බව කියන සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය නිලධාරීන් මගින් අත්අඩංගුවට ගත් බව වාර්තා කරයි.
මෙම සැකකරුවන් දෙදෙනා හෝමාගම මාගම්මන ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති අතර මොවුන් යුද හමුදා සෙබළෙකු සහ යුද හමුදා හිටපු සෙබළෙකු බව කියයි.
සැකකරුවන් අද (16) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .














































