ඊයේ (22) රාත්‍රියේ කොළොන්න , දඩයම් කන්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් සිදුවු අනතුරකින් උසස් පෙළ සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ .
පොලීසිය සඳහන් කරන්නේ එම ප්‍රදේශය පස් කන්ද කඩා වැටීමෙන් අවහිර වී ඇති බැවින් මේ වනවිටත් එම ස්ථානයට ළඟා වීම අසීරු වී ඇති බවයි .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 17ක් වූ දොරපනේ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකි.
මෘත දේහය මේ වනවිට ඕමල්පේ රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.














































