දුම්රිය නිල නිවාසයකට ඇතුල් වීමට උත්සහ කල පුද්ගලයකු හට දුම්රිය නියාමක වරුන් දෙදෙනකු විසින් පහර දීමක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ ඇතුල් වීමට උත්සහ කොට ඇත්තේ මහනුවර දුම්රිය නිල නිවාසයකට බව වාර්තා වේ.
මිය ගිය පුද්ගලයා නිල නිවසට ඇතුල්වීමට උත්සහ කරණ විට කාන්තාවන් දැක කැගසා ඇති අවස්ථාවේ එම ස්ථානයට පැමිණි නියාමකවරුන් දෙදෙනකු පහර දී ඇති බවයි සදහන් වන්නේ.
පහර දීමෙන් තුවාල ලැබූ සැකකරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය යාම හේතුවෙන් පොලිසිය විසින් දුම්රිය නියාමකවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
සැකකරුවන් දෙදෙනා සදහන් කොට ඇත්තේ ඔහුන් මියගිය පුද්ගලයා හට පහර නොදුන් බවයි.
මෙසම්බන්දව වැඩි දුර විමර්ශන පොලිසිය විසින් සිදුකරණු ලබයි.