අද (17) මධ්‍යහන 12 න් පසුව කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දමා තිබූ එක් මන්තීරුවක් විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙසෙ නමුත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා විරකෝන් ඉල්ලීම් කළේ රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසය.
මේ දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම මාර්ගයේ ඇති වූ සුළු නායයෑම් තත්ත්වයක් හේතුවෙන් මාර්ගය වසා දැමුණු අතර අද එක් මන්තීරුවක් විවෘත කළ ද හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරගැනීම තුළින් ඇතිවිය හැකි මාර්ග තදබදය තව දුරටත් වළක්වා ගැනීමේ හැකියාව පවතින බව ද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සඳහන් කර ඇත.















































