මෙරට පවතින නීතියට අනුව සහ රටේ දැනට පවතින නීතියට අනුව ප්‍රචණ්ඩත්වයට එරෙහිව වෙඩි තැබිය හැකිය. එසේම බලයට සමාන බලයක් යෙදිය හැකිය. නමුත් ලක්ෂ ගන්නවක ජනතාවක් පැමිණීමේදී එවැනි තත්වයකට මුහුණ දීමට හමුදාවට ප්‍රයෝගිකව නොහැකිය.
ඊයේ පාර්ලිමේන්තුව අසලදී සිදූ සිදූවීමේදී යුධ භටයන්ට ම්ලේච්ච ලෙස පහර දීම දැඩි පිළිකුල් සහගතය. නමුත් සාමාන්‍ය ජනතාව අරගල කරනුයේ ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා නොදීම නිසාය. ඔවුන් අරගලය කලේ ඔවුන් පලවා හැරීමටය. ඉන් අනතුරුව ඒවා විසදා ගැනීමට ව්‍යවස්ථානුකුලව ඉඩ ලබා දිය යුතුය. ඔවුන් පාර්ලිමේන්තුව වට කිරීමට තීරණය කරන්නේද පාර්ලිමේන්තුව තුලින් කිසිවක් සිදූ නොවූ නිසාය.
ජනතාවට පිළිතුරු නොලැබෙන විට පීඩිත පන්තිය ඔවුන්ට විරුද්දව නැගි සිටී. රටේ පාලකයන් හොරු වුවත් නීතියට අනුව ඔවුන් සුරැකීමට ආරක්ෂක අංශවලට සිදූ වේ. පාලකයන් දැන් හෝ නිසි තීරණය නොගත්හොත් නැවතත් ජනතාව ලක්ෂ ගනනාවක් පාර්ලිමේන්තුව වටකරනු ඇත.
අරගලය මේ වන විට බෙදී ගොස් තිබේ. නමුත් අරගලය අස්සේ විවිධ ප්‍රචණ්ඩකාරීන් විවිද අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වෙයි. එම කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය.
ඔවුන්ට එරෙහිව කටයුතු කිරීම සදහා මේ වන විට යුධ හමුදාව තීරණය කර තිබේ. සම්පූරණ නිවෙධනය පහත සදහන් වේ. එම නිවේදනය තුල සියල්ලම ඉතාම පැහැදිලිවසදහන් කර තිබේ.
එහි දැක්වෙන්නේ ආරක්‍ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරීම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩි කරමින් කටයුතු කරන සියලු දෙනා ම වහා ම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බව වන අතර එසේ නොවන්නේ නම්, පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්‍ෂක හමුදා සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන අතර මහජන දේපළ මෙන් ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්‍ෂක හමුදා එම බලය පාවිච්චි කිරීමට කිසිසේත් ම මැලි නොවන බවයි.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ
“ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ බලතල අනුව රටෙහි නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා එහි ජනතාව, පොදු දේපළ සහ රටෙහි මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ආරක්‍ෂක අංශ සාමාජිකයන් සහ පොලිස් නිලධාරීහු දිවිහිමියෙන් කැපවී සිටිති. නිදහස ලැබීමෙන් පසු ස්වෛරී රාජ්‍යයක් ලෙස ව්‍යවස්ථාවේ ස්ථාපිත ජනරජයේ ජනතා පරමාධිපත්‍යය රකිමින් ඔවුන්ගේ නිදහස් භාෂණය සහ සංචරණය සහතික කරමින් ආරක්‍ෂක හමුදාවෝ සිය රාජකාරිවල නිරත අතර මෙම වසරේ මැයි මාසයෙන් ඇරඹුණු මහජන විරෝධතා සියල්ලේදී ආරක්‍ෂක අංශවල එම විනයානුකූල හික්මීම ඉතා පැහැදිලිව විද්‍යාමාන වූ බව සියලු ශ්‍රී ලාංකිකයන්ට රහසක් නොවේ.
ජුලි මස 9 දින, කොළඹ කොටුවේ සිදු වූ ජනතා විරෝධය ඇතුලු පසුගිය කාලසීමාව තුළදී පැවති විරෝධතා අතරතුරදී ආරක්‍ෂක හමුදාවන් හා විරෝධතාකරුවන් අතර සුළු ආවේගශීලී සිදුවීම් කිහිපයක් හැරුණුකොට සැලකිය යුතු මට්ටමේ නීතියේ ආධිපත්‍ය බිඳදැමීම් හෝ දරුණු හිංසාකාරී ක්‍රියාවන් කිසිවක් සිදුනොවූ අතර එම කාලසීමාව තුලදී යම් උණුසුම් නොසන්සුන්තාවයන් දෙපාර්ශවය තුළ ඇති විය.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා තෙවරකට වැඩි අවස්ථා ගණනකදී විරෝධතාකරුවන්ගෙන් ප්‍රසිද්ධියේ දැඩි ලෙස ඉල්ලා සිටියේ සාමකාමී වන ලෙසත්, රාජ්‍ය ගොඩනැගිලි හා සියලු දේපළ ආරක්‍ෂා කරන ලෙසත් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නික්ම යාම සමග මතුව ඇති තත්ත්වයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව විසඳාගන්නා ලෙසත් ය.
පසුගිය පැය 72ක කාලය තුළ වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍යතුමා, කතානායකතුමා සහ දේශපාලන පක්‍ෂ නායකයින් සමග පැවති රැස්වීම්වලදී ද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම කඩිනම් කරන ලෙස අවධාරණයෙන් ඉල්ලා සිටි අතර සාමකාමී අරගලකරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නොවී මහජන දේපළට හානි සිදුනොකරන තාක්කල් පූර්ණ බලය නොයොදවා අවම බලය යොදාගෙන ඔවුන් පාලනය කළයුතු බවට එකඟත්වය පළ කෙරිණි.
කෙසේ වුව ද, දෙන ලද ප්‍රතිඥාවලට පටහැනිව සාමකාමී විරෝධතාකරුවන් ප්‍රකාශයට පත්කර ඇති ‘අවිහිංසා’ ප්‍රවේශයෙන් ඉවත්ව අවාසනාවන්ත ලෙස එම විරෝධතාකරුවන්ගෙන් යම් පිරිසක් බදාදා (ජූලි 13) දින මධ්‍යහන වනවිට නීතිය හා සාමය බිඳදමමින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමුවෙමින් කතානායකවරයාගේ නිල නිවස ත්, පාර්ලිමේන්තු සංකීර්ණයත් සිය ග්‍රහණයට ගැනීමට උත්සහ කරනු ලැබුවේ බර යන්ත්‍ර යොදාගනිමින් පොලිස් මාර්ග බාධක ආදිය කඩාදමමින් රටෙහි මහජන පරමාධිපත්‍ය සහ ව්‍යවස්ථානුකූලව පැවරී ඇති ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් ක්‍රියාත්මක කළහැකි එක ම ආයතනය වන පාර්ලිමේන්තු සංකීර්ණය ඔවුන් අතට ගැනීමේ පරමාර්ථයෙනි.
යුද්ධ හමුදා සාමාජිකයන් බදාදා (ජූලි 13) දින සන්ධ්‍යා කාලය වන විටත් විරෝධතාකරුවන්ගෙන් සන්සුන්බව සඳහා නොකඩවා කරනු ලැබූ ඉල්ලීම්වලට කිසිදු අවනතභාවයක් නොදක්වා එම විරෝධතාකරුවන් ප්‍රහාරාත්මක ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුලුවීමට වෙරදැරූ අතර ඔවුනත තිබූ යකඩ පොලු, මුගුරු, හිස්වැසුම් ආදී දෑ වලින් දමාගසමින් රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සොල්දාදුවන්ට නොනැවති පහරදුන් අතර භටපිරිස් අත තිබූ ටී – 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් එහි පතරොම් ගැබ් සමග උදුරාගනු ලැබුවේ ම්ලේච්ඡ ලෙස හමුදා සොල්දාදුවන් දෙදෙනෙකුට සිහිනැති වන තුරු පහරදෙමින් ය. මේ වනවිට ඉතා දරුණු ලෙස තුවාල ලැබූ හමුදා සාමාජිකයන් දෙදෙනා සහ අනෙකුත් භටපිරිස් හදිසි ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. මෙම අවි දෙක රැගෙන පළා ගිය විරෝධතාකරුවන් හා එම අවි අස්ථානගත වීම පිළිබඳව පොලිසිය ද මේ වනවිටත් දැනුවත් කර ඇත.
අවම බලය භාවිත කරමින් හමුදා සාමාජිකයින් පෙරළා අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කොට පොලිසියට සහ භටපිරිස්වලට හිංසාව මුදාහරින ලෙසට උසිගැන්වූ ප්‍රචණ්ඩකාරීන් කිහිප දෙනෙකු ද මේ අතර පොලිස් භාරයට ගෙන ඇත. කෙසේ වුව ද, පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදීමට උත්සහ කළ එම ප්‍රචණ්ඩකාරි පිරිස් අවම බලය යොදා බදාදා (ජූලි 13) රාත්‍රී වනවිට ඔවුන් විසුරුවාහැර තත්ත්වය පාලනය කරගනු ලැබිණි.
ආරක්‍ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරීම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩි කරමින් කටයුතු කරන සියලු දෙනා ම වහා ම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බව ත් නොඑසේනම්, පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්‍ෂක හමුදාවන් සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන අතර මහජන දේපළ මෙන් ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්‍ෂක හමුදාවන් එම බලය පාවිච්චි කිරීමට කිසිසේත් ම මැළි නොවන අතර එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම මෙම ප්‍රචණ්ඩකාරීන් විසින් ම දරාගත යුතු බව වැඩිදුරට ත් අවධාරණය කෙරේ.“
ලෙස එම නිවේදනයේ සදහන් වේ.
යුධ හමුධාව මේ තත්වයට පත් කරගැනීම භයානක තත්වයක ආරම්භයකි. අප මීට පෙරද අවධානය යොමු කලේ එම තත්වය වේ. දැන් අරගලයේ කණ්ඩායම් බෙදී ගොස් තිබෙන බැවින් නිහඩව රට ස්ථාවර කරගැනීමට ඉඩ සැලසීම සියළුම දෙනාගේ යහපතට හේතු වේ.














































