English
සිංහල
23:03 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ප්‍රධාන ශිෂ්‍ය නායකයාට ගුරුවරුන්ගෙන් තර්ජන!. ළමා හා කාන්තා කාර්යාංශයත් දරුවාට බලපෑම් කරයි!

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ නියෝගයෙන් පවත්වන ලද අභ්‍යන්තර විගණනයකට සාක්ෂි ලබා දුන් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වන 12 F හි ඉගෙන ගනු ලබන කවිඳු මදුශාන්ට ගුරුවරුන් කණ්ඩායමක් පාසල තුලදී තර්ජනය කර තිබේ.

    එම තර්ජනය කිරීමට එරෙහිව මෙම ශිෂ්‍යයා  ඇඹිලිපිටිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දයාවංශ මහතා හට පැමිණිලිකිරීමෙන් අණතුරුව එහි ඉදිරි විමර්ශන සිදුකිරීම සදහා ඇඹිලිපිටිය මුලස්ථාන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති බැව් කියන පොලිස් පරීක්ෂක කැටකුඹුර නම් නිලධාරිනියක් වෙත යොමු කර තිබේ. එහිදී මෙම නිලධාරිනියද මෙම සිසුවා බිය වද්දවා තිබේ. අති දක්ෂ සිසුවෙක් බව කියවෙන මෙම සිසුවාට තර්ජනය කල ගුරුවරුන් ලෙස KV රංජිත්, ප්‍රියන්ත හේවගේ සහ රංජිත් ලසන්ත නමැති ගුරුවරුන් නම් කර තිබේ. පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම ගුරුවරුන් තිදෙනා පවසන පරිදි තවත් ගුරුවරුන් කණ්ඩායමක් මෙම සිසුවාට තර්ජනය කර තිබෙන බවයි.

    එසේම විදුහල්පති විසින් ඊයේ (08) උදෑසන ශිෂ්‍ය නායක රැස්වීමක් කැදවා “පාසලේ ත්‍රස්තවාදීන් තිදෙනකු සිටින බවත්, ඔවුන් පාසලෙන් ඉවත්කල යුතු බවත් ප්‍රකාශ කර තිබේ. විදුහල්පතිට එරෙහිව පොලිසි ගොස් පැමිණිලිකල ගුරුවරුන් තිදෙනකුගේ ද  නම් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මෙම විද්‍යාලය මේ වන විටත් නිල පාතාලයක් සේ ක්‍රියාත්මක වේ. එය සිදුකරන්නේ විදුහල්පති ඇතුළු කණ්ඩායම බව අප මීට පෙරත් පෙන්වා දී තිබේ. නීතියක්, මනුස්සකම් නැති තර්ජන ගර්ජන සහ කුට උපක්‍රම මගින් යම් රටක්, ආයතනයක් හෝ කණ්ඩායමක් හෝ පාලනය වන්නේ නම් ඉන් කියවෙන්නේ එහි ඇත්තේ අවිනීතිය බවයි. මෙම පාසලේ පරිපාලනයද එසේ වන අතර, එම පාසලේ පාතාල නායකයා විදුහල්පති වන අතර ගුරුවරුන් කණ්ඩායමක් සහ දෙමාපියන් එම පාතාල කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වේ. ඉන් සිදුවන්නේ තව නොබෝ දිනකින්ම තවත් දරුවන් කිහිපදෙනක් සහ දෙමාපියන්ද පොලිසී යාම හෝ විදුහල්පතිට පහර දීමක් හෝ ගුරුවරුන්ට පහර දීමයි. එය කවුරුන් කෙසේ සිදු කලත් එයට වග කිව යුත්තේ ද කොන්දක් නැති කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, සබරගමු පළාත් අධ්‍යාපන ලේඛම් සහ පළාත් ලේඛම්වරයා වේ. ඔවුන්ට හොද කොන්දක් තිබේ. ඔවුන්ගේ එම කොන්ද ක්‍රියාත්මක වන්නේ දුෂණය වෙනුවෙන් පමණි. මෙවැනි සිද්ධීන් වලට ක්‍රියාත්මක නොවන නිසා ඔවුන් මීට පෙර සිදුකර තිබෙන විවිධ දුෂණ විශාල ප්‍රමාණයක් අප වෙත ලැබී තිබේ. අපට ඒවාද ඉදිරියේදී වාර්තා කිරීමට සිදු වේ.

    මෙම විද්‍යාලයේ අර්බුදය පිළිබදව සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීම – අද දෙරණ පුවත්

    අප මෙම ලිපිය ලියන අවස්ථාව වන විටත් මෙම විද්‍යාලයේ ගුරුවරුන් තිදෙනෙකු ඉවත් කිරීමට ගුරුවරුන්ගේ අත්සන් සහිත ලිපියක් සකසමින් තිබේ. එම ලිපිය අත්සන් කිරීමට ගුරුවරුන් දැඩි සේ විරුද්ධ වුවත් මේ වන විට අප ඉහතින් සදහන් කල KV රන්ජිත් නමැති ගුරුවරයා ගුරුවරුන්ගේ පස්සෙන් ගොස් එම ලිපියට අත්සන් ලබාගනිමින් සිටිති.

    විගණන වාර්තාවට අනුව මෙම විදුහල්පතිවරයා වැරදිකරුවෙක් බව පළාත් සභා අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කළේය. ඔහු වැරදිකරුවෙක් වුවත්, ආණ්ඩුකාරවරයාට සමීපව සිටින  එක්සත් ජාතික පක්ෂයේ ඇඹිලිපිටිය ප්‍රදේශය සහ කොලොන්න ආසනය නියෝජන කරනා කිහිප දෙනෙකු නිසා මෙම විදුහල්පතිට එරෙහිව කිසිවක් නොවන බවටද, ආණ්ඩුකාරවරයා ලබා දෙන නියෝග එම කණ්ඩායම විසින් උපක්‍රමශීලීව නවත්වන බවටද චෝදනා එල්ල වේ. කෙස් නමුත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාට එරෙහිව තවමත් කිසිවෙක් චෝදනා ඉදිරිපත් නොකරයි.

    මෙම ගුරුවන් සමග හෝ විදුහල්පති සමග අපට පුද්ගලිකව තරහක් හෝ බෙදාගැනීමට දෙයක් නැත. ඔවුන්ට වෙනත් අසාධාරණයක් වුවහොත් අපගේ ස්වාධීන මාධ්‍ය ආවරණය ඔවුන් වෙනුවෙන්ද ඒ  අකාරයෙන්ම අප ලබා දෙනු ඇත. දරුවන්ට පවා අසාධාරණ සිදුවන ලෙස මෙම සිදුවීම් මාලාව සිදුවන්නේ ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, සබරගමු පළාත් හිටපු අධ්‍යාපන ලේඛම්වරිය, වර්තමාන අධ්‍යාපන ලේඛම්වරයාගේ මෙන්ම සබරගමු පළාත් ලේඛම්වරයාගේ අදුරදර්ශී, අක්‍රමවත්, අශිෂ්ඨ, නුගත් පාලනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. මුල සිටම පැමිණිලිවලට නිසි ලෙස ක්‍රියාත්මක වී නීතිය හරියටම ක්‍රියාත්මක නොකළ ඇඹිලිපිටිය මුලස්ථාන පොලිසියේ සමහර නිලධාරින්ද මෙයට වගකිව යුතුය. ( මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා නොවේ). කෙසේ නමුත් යම් දරුවෙක්, දෙමාපියෙක් හෝ ගුරුවරයෙකුට යම් හානියක් සිදු වුවහොත් එහි වගකීම ගත යුත්තේ අප ඉහතින් සඳහන් කල පුද්ගලයන් වේ. දරුවාගේ සිද්ධිය නිසි ලෙස හරියටම සිදුකරනා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක දයාවංශ මහතා ළමා හා කාන්තා කාර්යාංශයට උපදෙස් දී තිබියදීත්, දරුවා බිය ගැන්වීමට කටයුතු කිරීම කණගාටුදායක වේ. මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වූ පලියට සියලුම දේවල් ඔහුම කළ යුතු නම් තවත් නිලධාරීන් ඇඹිලිපිටිය පොලිසියට අවශ්‍ය නොවේ.   

    මෙම පාසලේ තත්වය පිළිබදව අප දිගින් දිගටම පෙන්වා දුන්නේය. ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ සිද්ධීන් පිළිබදව  අප වාර්තාකළ සියලුම පුවත් මේ වන විටත් සත්‍ය වී තිබේ. මෙම පාසලේ ප්‍රශ්න අවසන් වීමට නම් කළ යුතු දේවල් අප පෙන්වා දී තිබේ. විගණන වාර්තාවකින් වැරදි කරුවෙක් වීමට පෙරත් ඉන් පසුවත් කල යුත්තේ කුමක්ද යන්නද , එය කළ යුතු නීතිමය තත්වයද අප පෙන්වා දී තිබේ. එසේම මෙම දරුවාට තර්ජනය කල ගුරුවරුන්ගේ තත්වයද අප මීට පෙර වාර්තා කළේය. ඔවුන්ගේ නම් අප මීට පෙරද පෙන්වා තිබේ. මුල්ම අවස්ථාවේ ඔහු වෙනත් පාසලකට ස්ථාන මාරුකර හැරියේ නම් වර්තමානය උදා නොවන බව අප දිගින් දිගටම පෙන්වා දී තිබේ. මිනිසුන්ගේ ඉවසීමේ අවසානයේ අපරාධ සිදු වේ. සබරගමුව පළාත් පරිපාලනය මේ සිදුකරමින් තිබෙන්නේ ජනවාරි මාසයට පෙර යම් “බල අපරාධයක්” සිදුවන ලෙස කටයතු කරවීමයි.

    මාධ්‍යවේදියා යනු රටේ මහජනයා වෙනුවෙන් පොදු මතයක් ප්‍රකාශ කල හැකි, අසාධාරණයක්, සත්‍යයත් වෙනුවෙන් මේ සමාජය ඉදිරියේ පෙනී සිටිය හැකි පුද්ගලයෙකි. ඒ අනුව ජනමාධ්‍ය ලෙස මේ මුළුමහත් සමාජය වෙනුවෙන්ම අප අපගේ වගකීම ඉටුකරනුයේ රාජ්‍ය බලධාරීන්ගෙන් මිනිස්සුන්ට සාධාරණය ඉටු කිරීමට අවශ්‍ය පහසුව වෙනුවෙනි. නමුත් බලධාරින්ද දුෂිත නම්, දිගින් දිගටම විනාශය සිදු වේ. රටට දුෂිත දරු පරපුරක් බිහිකරන්නේ මෙවැනි ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ය. එය එසේ කිරීමට අනුබල දෙන්නේ ඔවුන්ගේම උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දුෂිත පොලිස් නිලධාරින්ය. (චායාරූපය අදාළ පාසලේ නොවේ)

    අප මෙහි පහතින් දක්වා තිබෙන්නේ මෙම විද්‍යාලයේ ප්‍රශ්න වෙනුවෙන් ලියා තිබෙන ලිපි මාලාවයි. ලංකාවේ වෙනත් කිසිදු ප්‍රශ්නයක් වෙනුවෙන් අප මෙපමණ වාර්තා ලියා නැත. නමුත් සබරගමු පළාත් සභාවට අයත් බොහෝ ආයතනවල තත්වයන් පිළිබදව කිසිදු සාදාරන ක්‍රියාමර්ග ගැනීමට සබරගමු පළාත් රාජ්‍ය බලධාරීන් කටයුතු කර නැත. ක්ෂණිකව ක්‍රියාත්මක වූ එකම කටයුත්ත වුයේ වේලි ඔය මැදගම ආයුර්වේද රෝහලේ ප්‍රශ්නය පමණි. වෙනත් පලාත්වල මෙන්ම මධ්‍යම රජයට අයත් සියලුම ආයතනවල තිබෙන ගැටළු වෙනුවෙන් ලියා තිබෙන වාර්තාවලට ගත යුතු ක්‍රියාමාර්ග එම ආයතන බලධාරින් ගෙන තිබේ.

    මෙම විද්‍යාලයේ දුෂණ පිළිබදව අප මීට පෙර වාර්තාකළ පුවත් –

    ඇඹිලිපිටියේ විදුහල්පතිවරයෙක් දැරියක් අපයෝජනය කරලා. පොලිස්පතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.
    පොලීසියෙන් අවසන් වූ ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ මහා සභාව. රාවණා ලංකා වෙබ් අඩවිය පුළුල් තිරයේ.
    ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ මහ සභා රැස්වීමේදී මෙම වෙබ් අඩවියට චෝදනාවක්.
    ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ පරිපාලනයේ ගැටළු . අධ්‍යාපන බලධාරීන් ආදී ශිෂ්‍ය සංගමය වටේ යවයි!
    “ඇඟ තිබුණට මොලේ නැති OIC කෙනෙක්” පුවතට ඇඹිලිපිටිය SSP ක්ෂණිකව ක්‍රියාත්මක වෙයි. පළාත් අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා සහිත පැමිණිල්ලක්!
    ඇඹිලිපිටිය විදුහල්පතිට මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා – ඔහු සුරකින අධ්‍යාපන බලධාරීන් රාජ්‍ය ත්‍රස්තවාදයක.
    ඇඹිලිපිටියේ විදුහල්පතිවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා පැමිණිල්ලක්.
    ඇඹිලිපිටිය පොලිසිය පළාත් බලධාරීන්ට සුදු හුණු ගෑවද?. රාජ්‍ය සේවා මාෆියාවට වැට බැඳිය යුතු නැතිද?.
    ඇඹිලිපිටියේ විදුහල්පතිගේ ඔලුවට පොල් . – ” රාවණා ලංකා පුවත් සේවයට” එරෙහිව පොලීසි යති.
    ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පති මාරුකරන්න එපා – මුදිතාගෙන් ඉල්ලීමක්!
    දුෂණ චෝදනා ලත් විදුහල්පතිවරයා මාරු කරනවාට විරෝධය පා ගුරුවරයෙක් ආණ්ඩුකාරවරයාගේ අම්මා මතක් කරමින් අසභ්‍ය ලෙස බැන වදී.
    පළාත් ලේකම් තම දුෂිත දේශපාලන ගෝලයන් රකිද්දී මහජන ගැටළු දිස්ත්‍රික් සම්බන්ධීකරණයට. සමහර මන්ත්‍රීවරුත් දුෂිතයන් වෙනුවෙන් කරුණු කියයි.
    විදුහල්පතිගේ වැරදි වහගන්න මහජනතාව උද්ඝෝෂණයකට පොළඹවයි!. පළාත් සභාව වැරදි වලට උපකාර කරයි!.
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version