කවුරුත් දන්නා මෙන්ම කාටත් අප්‍රසන්න ලෙස හැසිරෙන සමහර වෛරී ජනතා සේවකයන් නොහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිසා ශ්‍රී ලංකාවට සිදු වූ විනාශය ලෝක ඉතිහාසයට යන අතර ශ්‍රී ලංකාවේ වර්තමානය කියවන අනාගත පරපුර ඉතිහාසය කියවනු ඇත්තේ “ වැඩිම හොරුන් , දූෂිතයන්, වංචනිකයන් රට පාලනය කල අවධියක් ලෙසය”
පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ පරිශ්‍රය පිහිටා තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය සතුව බවත් එම ඉඩම අත් පත් කරගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් අමාත්‍ය ප්‍රසන්න පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් රජයට අයත් ඉඩම් යනු මහජන දේපල වන අතර ඒවායේ රැදී සිටින්නේ නම් ඉවත්කළ යුත්තේ නීත්‍යානුකූල ලෙසය. ඉන් පරිභාහිරව කිසිවෙකුත් ඉවත් කිරීමට කටයුතු කිරීමද නීතිවිරෝදීය. නමුත් මෑත යුගයේ සියල්ලම සිදු වුයේ දූෂිත සහ නීතියට පයින් ගසමිනි.
කෙසේ වෙතත් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වාචික හා ලිඛිත නිවේදන බල රහිත කරන ලෙස ඉල්ලා මීගහවත්තේ කාශ්‍යප හිමියන් ඇතුළු අරගල ක්‍රියාකාරීන් 4 දෙනකු විසින් පසු ගියදා තිබූ රීට් පෙත්සමක් ගොනුකර තිබුණි. එම පෙත්සම සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී,” ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ අරගලකරුවන් රැඳී සිටින තාවකාලික ඉදිකිරීම් කිසිවක් නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වැනිදා තෙක් ඉවත් කිරීමට පියවර නොගන්නා බවට” නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ප්‍රතිඥාවක් ලබා දී තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ,කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ලිඛිත නිවේදනය සිය සේවාදායකයන් ඇතුළු රටේ පුරවැසියන්ට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී ඇති සාමකාමීව රැස්වී අදහස් දැක්වීමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන බැවින් එය ක්‍රියාත්මක කිරීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ බහුතරයක් නිලදහරින් කටයුතු කරන්නේ නීතිවිරෝදී ලෙස වන නමුත් එසේ කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව නීතියක් ක්‍රියාත්මක නොවීම තුල කිසිදා ශ්‍රී ලංකාවට “ එළියක්” නොලැබෙනු ඇත.
 
	    	



























 
		    

















