මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා සිය නිවස තුළදී අභිරහස් ලෙස මියගොස් ඇති බවට වාර්තා වේ.
අද උදෑසන හදිසි රාජකාරියක් සදහා පිටත්ව යාමට සේවකයෙකු සමග නිල නිවසට පැමිණ ඇති අතර එහි කාමරයක් තුළ ප්‍රාදේශීය ලේකම්වරයා ගෙළ වැලලාගෙන සිටිනු දැක පොලිසියට දැනුම් දී තිබේ.
ඒ අනුව පොලිසිය විසින් මේ වන විට අදාළ මරණය ඝාතනයක්ද සියදිවි හානිකර ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් සෙවීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව සදහන්.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අයේෂ් පෙරේරා නැමැති 42 හැවිරිදි වියේ පසු වූ විවාහකයෙකි.
මෙම මරණය පිළිබඳව මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
 
	    	



























 
		    

















