කෝටි ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බණ්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි පිළිබඳ තවදුරටත් විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇයගේ විදේශ ගිණුම් ඇති දැයි සොයා බැලීම් මේ වන විට සිදුකරන බවත් ඒ සම්බන්ධයෙන් මහබැංකුවට සම්බන්ධව ඇති වෙනම ඒකකයක් මඟින් විමර්ශන කටයුතු සිදු කරන බවත් ය.
එමෙනම් තවත් ස්ථානීය පරීක්ෂණ කිහිපයක් සඳහා ඇයව රැගෙනයාමට ද නියමිත අතර නොවැම්බර් මස 02 වනදා තෙක් තිලිණි ප්‍රියමාගි සහ ඇයගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බණ්ඩාර රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මේ අතර තිලිණි ප්‍රියමාලිට අයත් වත්තල පිහිටි නිවසක් , කිරුළපන පිහිටි නිවාස සංකීර්ණයක 12 වැනි මහලේ නිවසක් මෙන්ම ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සහ කොළඹ චැතම් වීදියේ පිහිටි ගොඩනැගිල්ලක ව්‍යපාර ස්ථාන දෙකක් සෝදිසි වරෙන්තු මත පරීක්ෂාවට ලක්කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
තව ද අධිකරණයට දැනුම් දී ඇත්තේ එම විමර්ශනවලට අදාළ ලේඛන හා ඩිජිටල් උපාංග ද සිය භාරයට ගත් බවත් සැකකාරියගේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාර කාර්යාලයේ පරිඝනක වල තිබූ දෘඩාංග 05ක් අස්ථානගතව තිබූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.















































