English
සිංහල
18:58 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ප්‍රදීප් නිලංග දෑලට එරෙහි පවරා ඇති මූල්‍ය අපරාද නඩුව විකෘති කර අධිකරණය නොමග යවයි.

    Ravana by Ravana
    වසර 4ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    සිරිපුරවත්ත 15 කනුව පදිංචි නිහාල් රෙක්ෂි ෆර්ඩිනෑන්ඩස් මහතා විසින් දළදා මාලිගාවේ තාවකාලික සිවිල් පාලකයන්ගේ වංචා සහ දූෂණ පිලිබදව පොලිස්  මූල්‍ය අපරාද ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට  B/34983/2015 ලෙස පොලිස් මූල්‍ය අපරාද ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. නමුත් පසු ගිය දිනයක එම නඩුව ඉවත් කරගෙන තිබෙන බව වාර්තා වේ.  මෙම පැමිණිල්ලෙන් සෘජුවම ප්‍රදීප් නිලංග දෑලට චෝදනා ඉදිරිපත් කර තිබේ. එසේම විවිද කරුණු වෙනුවෙන් පැහැදිලිවම සාක්ෂි තිබෙන බවටද මීට සති කිහිපයකට  පෙර ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය සහ ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා ප්‍රසිද්දියේම ප්‍රකාශ කර තිබුණි. ප්‍රදීප් නිලංග දැල යනු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේය.

    නිහාල් රෙක්ෂි මතාගේ පැමිණිල්ලට අනුව ශ්‍රී දළදා මාලිගාවට අයත් ඉඩම් විකිණීමේදී රුපියල් 92,87000.00 මුදලක් වංචා කිරීම, CD තැටි ජාවාරමක් සිදුකර එම මුදල් මාලිගාවේ ගිණුමට බැර නොකිරීම. ප්‍රදීප් නිලංගගේ PND ක්නස්ට්‍රක්ෂන් සමාගම සදහා ශ්‍රී දළදා මාලිගාවේ මුදල් යෙදවීම, ප්‍රදීප් නිලංග දැලට අයත් මිනි කූපර් කාර් රථය අලුත් වැඩියාව සදහා මාලිගාවේ මුදල් යෙදවීම, දළදා මාලිගාවට පූජා කර ඇති රන් භාණ්ඩ අස්ථානගතවීම, දළදා මාලිගාවේ වාහන යොදා ගනිමින් 2015 දියවඩන නිලමේ නිලවරනයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම, අල්ලස් ලබා දීම සහ එම අල්ලස් ලබා දීම් මැතිවරණ කොමසාරිස් විසින් අල්ලා ගැනීම ආදී චෝදනා රාශියක් අඩංගු වේ.

    අප මේ පිලිබඳව නිහාල් රෙක්ෂි මහතාගෙන් විමසීමක් කල අතර ඒ මහතා දැනුම් දුන්නේ ඒ පිලිබඳව තමන්ට කිසිදු කණගාටුවක් නොමැති බවත්, තමන් තමන්ගේ යුතුකම් කොටස නිසි ලෙස ඉටු කල බවත්,  මහජනතාවගෙන් වැටුප් ලබන රාජ්‍ය නිලදාරීන් තම රාජකාරිය පැහැර හැරීමෙන් ඔවුන්ටද, ඔවුන්ගේ දරු මුණුපුරන්ටද  ඒ ආකාරයෙන් ම ප්‍රශ්න වලට මූණ දීමට සිදු වන බවය.  

    එසේම තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කලේ, “ ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය විසින් මේ පිලිබදව මූලික අයිතිවාසිකම් නඩුවක් ද, පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාවටද, නීතිවිරෝදී ලෙස මැදිහත්වෙමින් අධිකරණය නොමග යවා තිබෙන අයට විරුද්ධව පොලිස් මූලස්ථානයටද පැමිණිලි කිරීමටද කටයුතු කරමින්  තිබෙන  බව සහ මහනුවර මහේස්ත්‍රාත්වරයාට විරුද්දව අධිකරණ සේවා කොමිසමට ද පැමිණිලි කරන බවය ”.

    රාවණා පසු විපරම සහ අපරාද නඩුවක ස්වරූපය.

    මෙම සිද්ධීන් පිලිබදව මීට සති කිහිපයකට පෙර ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය මාධ්‍යයට කරුණු දැක් වූ අතර ඔවුන්ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. කෙසේ වුවද එවන් පසුබිමක මෙම නඩුව ඉවත් කරගෙන තිබෙන්නේ පොලිස් මූල්‍ය අපරාද ඒකකයෙන්ද එසේ නොමැති නම් වෙනත් කුමන නීත්‍යානුකූල මාර්ගයකින්ද යන්න අවසන් නඩු වාර්තාව තුලින් පැහැදිලිව දක්නට නැත.

    කෙසේ වුවත් මෙම නඩුව නැවත කැදවීමට තිබී ඇත්තේ 2022. 02.22 වන අතර පසු ගිය 27 වැනිදා මෙම සිද්ධිය සිදුව තිබේ. නඩු වාර්තාවට අනුව නම් පැමිණිල්ල වෙනුවෙන් කිසිවෙකු පෙනී සිට නැත. නමුත් දළදා මාලිගාවේ අයිතිවාසිකම් වෙනුවෙන් ලෙස නීතීඥවරයෙකු පෙනී සිට තිබේ. කෙසේ වුවත් දළදා මාලිගාවේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ පැමිණිල්ලය. අපරාධ නඩුවක පැමිණිල්ල යනු පොලිසිය හෝ නීතිපතිය. මෙහිදී පෙනෙන අයුරින් ශ්‍රී දළදා මාලිගාව වෙනුවෙන් ලෙස නීතීඥ මැදිහත්වීමක් සිදුව තිබෙන අතර එයින් අධිකරණය නොමග යවා තිබෙන බව පෙනේ. එසේ ඉදිරිපත් වී ඉදිරිපත් කරුණු මොනවාද යන්න නඩු වාර්තාව තුල සදහන් නොවේ.

    කෙසේ වුවත් අධිකරණයක් විවේචනය කිරීමට කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට නීතියෙන් අවසර නැති වුවද, අධිකරණය නොමග යැවීම පිලිබදව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සදහන්ව තිබේ. ඒ අනුව මෙහිදී අධිකරණය නොමග යැවීමක් පෙනෙන්නට තිබෙන අතර වංචාකල පුද්ගලයෙකු බේරා ගැනීම සදහා “ශ්‍රී දළදා මාලිඟාව” යන වචනය  යොදාගෙන තිබේ. මෙවැනිම කටයුත්තක් ප්‍රදීප් නිලංග දැලට විරුද්දව පවරා තිබු වෙනත් නඩුවකදීද භාවිතා කර තිබෙන බවට තොරතුරු අප සතුව තිබේ.

    ඒ අනුව, අප සතුව තිබෙන කොළ 500 කට ආසන්න නඩු වාර්තාවට අනුව, සහ අවසන් දිනයේ සටහන් වල ,

    “දළදා මාලිගාවේ අයිතිවාසිකම් වෙනුවෙන් …… පෙනී සිටි” අතර

    “මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය  වෙනුවෙන් නීතීඥවරයෙකු පෙනී නොසිටි” .

    ලෙස සදහන් වේ.

    එසේම පොලිස් මූල්‍ය අපරාද ඒකකය මෙදින පෙනී සිටි බවක්ද සදහන් නොවේ.

    මෙහිදී පෙනී යන්නේ , පොලිස් මූල්‍ය අපරාද ඒකකය වෙනුවෙන් තමා පෙනී සිටින බව ඇගවීමක්ද නොවේ. දළදා මාලිගාවේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ පැමිණිල්ල නොහොත් පොලිස් මූල්‍ය අපරාද එකකය හෝ නීතිපති වෙනුවෙන් නීතීඥවරයෙකු විය යුතුය. නමුත් පැහැදිලිවම නඩු වාර්තාව තුල “ දළදා මාලිගාවේ අයිතිවාසිකම්” වෙනුවෙන් පෙනී සිටිය යුතු රජයේ පාර්ශවය මෙහි පෙනී සිට නැත. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටීමක් නොමැතිව, ඒ වෙනුවෙන් පෙනී සිටීමක් ලෙස මෙහි එම නීතීඥ පෙනී සිටීම සිදුව තිබේ. ඔහු ඉදිරිපත් කල කරුණු මොනවාද යන්න මෙහි සදහන් නොවේ.

    ඒ අනුව එම නීතීඥ මහතා ඉදිරිපත් වී ඇත්තේ “ දළදා මාලිගාවේ අයිතිවාසිකම්”  වෙනුවෙන් නම් එහි නීතිවිරෝදී පෙනී සිටීමක් පෙන්වන අතර අධිකරණය නොමග යවා වැරදි කාරයෙකු බේරා ගැනීමට කටයුතු කර තිබේ. එසේ නොවේ නම් ගැටලුව පැන නගින්නේ, මේ පෙනී සිටීමෙන්  පසු නඩුවේ කටයුතු විභාගයකින් තොරව අවසන් කලේ කෙසේද යන්නය.

    එබැවින් මෙම නඩු කටයුත්ත වෙනුවෙන් මේ පෙනී සිටීම නිසා අධිකරණය නොමග යැවීමෙන් කුමන්ත්‍රණය, රජය අපකීර්තියට පත් කිරීම , ව්‍යවස්ථා විරෝදීව කටයුතු කිරීම, වරදකට අනුබල දීම, වරදක් වසන් කිරීම, විරුද්දත්වය ඇවිස්සීම , වංචාව, අසත්‍ය තොරතුරු සැපයීම, රජයේ සේවකයෙකුට අසත්‍ය තොරතුරු සැපයීම සහ එයින් මහජනතාවට පාඩු සිදුකිරීම, අසත්‍ය බව දනිමින්ම බොරු සාක්ෂි ඉදිදිරිපත් කිරීම, ඇතුළුව විශේෂයෙන්ම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 202 වගන්තිය යටතේ “ නඩුවක යම් ක්‍රියාවක් හෝ කාර්යක් සදහා ව්‍යාජ ලෙස අන්‍යයෙකු සේ පෙනී සිටීම” යන චෝදනාවද, එම පනතේම 203, 204, 206, 211 යන වගන්තීන් මුල් කරගෙන අපරාධ චෝදනා ගොනු කල හැකිය.

    නීතිය නම් එයයි. එහෙත් ශ්‍රී ලාංකිකයන්ගෙන් 90 % ක්වත් නීතිය නොදන්නා බැවින්  නීතිය ක්‍රියාත්මක කරන ආයතන නීති පොත තමන්ට හිතෙන හිතෙන අයුරින් පෙරලන අතර, තවත් වැඩි දිනකට නොගොස් සාමාන්‍ය ජනතාව නීතිය අතට ගනු ඇත. එය ඊයේ (17) ඇඹිලිපිටිය පනාමුර පොලිසිය අසලදීද දක්නට හැකි විය. එහිදී මහේස්ත්‍රාත් වරියටද යම් බාධාවක් සිදු වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. එබැවින් මේ සියලු දේවල් වලින් නීතිය ක්‍රියාත්මක වන ආයතන නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් සාමාන්‍ය ජනතාව අධිකරණ කටයුතුවලට පවා බාදා කරනු ඇත. නීතිය ඉහලින්ම දන්නේ විනිසුරු බව පැහැදිලිවම නීති පොත පතේ සදහන්ය.

    Tags: රාජ්‍ය පරිපාලන
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ජනාධිපති

    ජනාධිපති  පරීක්ෂණ කොමිසන් සභාවේ සාක්ෂි විමසීම ඇරඹීමට නියමිතව ඇත.

    පෙබරවාරි 23, 2022
    ජනාධිපති

    ජනාධිපති කාර්යාල ව්‍යුහයේ වෙනස්කම් කිහිපයක්

    පෙබරවාරි 20, 2022
    පාර්ලිමේන්තුව

    පනත් 05ක් බලාත්මක කෙරේ

    පෙබරවාරි 18, 2022
    කැබිනට් තීරණ

    මහපොළ අරමුදලේ සංශෝධනයක්

    පෙබරවාරි 15, 2022
    කොමිෂන් සභා

    තොරතුරු ලබාදෙන රාජ්‍ය ආයතන පිළිබඳ විමසිල්ලක්

    ජනවාරි 31, 2022
    විමර්ශන

     බොරැල්ලේ බෝම්බ සිද්ධිය පිළිබඳ විශේෂ මාධ්‍ය ප්‍රකාශයක්(වීඩියෝ)

    ජනවාරි 28, 2022
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version