කොළඹ මහාධිකරණය විසින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නියෝග ලබා දී ඇත.
අද (11) දිනයේ දී රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරට අදාළව ව්‍යාජ සාක්ෂි සකස් කිරීම හා සාක්ෂි වසන් කිරීමේ සිද්ධියට අදාළව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
කෙසේ නමුත් අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණය හමුවේ පෙනී සිට නැත.